Posts

මිනිස්සු විසින් නිර්මාණය කරපු සත්තු

Image
මිනිසුන් බොහෝ අවස්ථා වල ස්වභාවධර්මයට එරෙහිව සටන් කරන්න උත්සාහ කරලා තියෙනවා. ඒක විශේෂයෙන්ම තහවුරු කරන උදාහරණයක් තමා මේ මිනිස්සු විසින් හදපු සත්තු. ඉතින් දශක ගාණක ඉදන් අපේ මිනිස්සු අලුත් ජානමය වශයෙන් වෙනස් කරපු සත්ත්ව විශේෂ කිහිපයක් නිර්මාණය කරන්න ලොකු උත්සාහයක් දරලා තියෙනවා. මෙතනදි සමහර අත්හදා බැලීම් සාර්ථක වෙලා තියෙනවා වගේම තවත් සමහර ඒවා විශාල ව්‍යසනයන් බවටත් පත්වෙලා තියෙනවා. ඉතින් අපි මේ ලිපියෙන් අපි මිනිස්සු විසින් නිර්මාණය කරපු සත්තු කීපයක් ගැන කතා කරමු. මී මිනිහා (Human Rat Hybrid) දැනට දශක ගානක ඉදන් වෛද්‍ය පරීක්ෂණ සහ ඖෂධ අත්හදා බැලීම් කරන්න මේ මීයෝ යොදාගෙන තියෙනවා. ඒ වගේම, 2019 ජූලි මාසයේදී ජපානය විසින් මිනිස්-මීයන් දෙමුහුන් නිර්මාණය කරන අදහස අනුමත කරලා තියෙනවා. එතකොට ඒක, ඉතිහාසයේ සිදු කරපු පළවෙනි මානව-සත්ව කළල අත්හදා බැලීම කියලා හදුන්වනවා. මේ අත්හදා බැලීමේ අරමුණ තමා අනෙකුත් සත්තුන්ගේ ශරීරයේ මිනිස් අවයව සංස්ලේෂණය කිරීමේ තාක්ෂණයක් වර්ධනය කරන එක. මුල් කාලේදී මේ පරීක්ෂණයේ ප්‍රතිඵල ටිකක්  මතභේදකාරි වුනත්, දැන් මේ තාක්ෂණය සඳහා අත්හදා බැලීම් කිහිපයක් කර කර ඉන්නවා. එළු මකුළුවා (Spi...

ඇත්ත පිළිගන්න අමාරුයිද?

Image
ඔයාගේ පෞද්ගලික මත හා විශ්වාසයන් කොහෙන්ද එන්නේ? ගොඩක් මිනිස්සු නිවැරැදියි, තාර්කිකයි හා අපක්ෂපාතී කියලා හිතාගෙන ඉන්න විශ්වාසයන් ගොඩකටම පාදක වෙන්නේ පෙර අත්දැකීම් හා පවතින දත්තවලින් සිදුකරන විශ්ලේෂණයන්.  හැබැයි යථාර්ථයේදී, අපි සියල්ලෝම වගේ "Confirmation Bias (තහවුරු කරගැනීමේ නැඹුරුතාව)" කියලා කියන සංකල්පයකට හිරවෙනවා. මේකෙන් කියන්නේ, අපේ විශ්වාසයන් බොහෝ විට පදනම් වෙලා තියෙන්නේ ඒවා තහවුරු කරන තොරතුරු කෙරෙහි වැඩි වශයෙන් අවධානය යොමු කිරීම මත කියලා. ඒ වගේම, ඒවාට විරුද්ධ පැත්තට තියෙන තොරතුරු නොසලකා හරින්න අපි ඉබේම කටයුතු කරනවා. උදාහරණයක් විදිහට, දකුණත හුරු අයට වඩා වමත හුරු අය නිර්මාණශීලී කියලා කවුරුහරි විශ්වාස කරනවා කියලා හිතන්න. එතකොට මෙයා වමත හුරු සහ නිර්මාණශීලී පුද්ගලයෙකු දැක්ක ගමන්, මෙයා දැනටමත් විශ්වාස කරන දේ තව ටිකක් තහවුරු කරගන්න ඒක සාක්ෂියක් විදිහට පාවිච්චි කරනවා. එතකොට මෙයා මේකට විරුද්ධ මතය (දකුණත් අය නිර්මාණශීලී කියන එක) ගැන තොරතුරු හොයන්නේ නැතුව ඉන්න හා මග හරින්න බොහෝ විට පෙළඹෙනවා. හැබැයි එහෙම වුනත්, මේ සංකල්පය අපිට ඇත්තටම ගොඩක් අවස්ථාවන් වලදී උදව් වෙනවා. මොකද අපි දැනටමත...

හොබ්සන්ගේ තේරීම

Image
1544–1631 කියන කාල වකවානුවේදී එක මනුස්සයෙක් හිටියා තෝමස් හොබ්සන් කියලා. මෙයා අශ්වයෝ වෙළෙන්දෙක්. එතකොට මෙයාට අශ්වයෝ 40ක් ඉන්න අශ්වගාලක් තිබ්බා. ඉතින් දැන් මෙයාගේ මේ අශ්වගාලට එන පාරිභෝගිකයන්ට ආපු ගමන් හිතෙන දේ තමා, එයාලට මෙතන ඉන්න 40න් ඕනම එකෙක් තෝරගන්න පුලුවන් කියලා. උදාහරණයක් විදිහට අපි කඩේකට බඩු ගන්න ගියාම අපිට එකම බඩුවේ ගොඩක් Brand තියෙනවානෙ තෝරගන්න. ඉතින් අපි කොහොමත් හොදම එක කියලා හිතෙන එකනේ තෝරගන්නේ. ඒත් මේ පාරිභෝගිකයන්ට හොබ්සන්ව මුණගැහුණම, හොබ්සන් කිව්වේ අමුතුම කතාවක්. පොර කියනවා, "එක්කෝ ඔයාට දෙන්නම් ප්‍රධාන ගේට්ටුව ලග තියෙන අශ්වගාලේ මේ වෙලාවට විකුණන්න ඉන්න අශ්වයාව; එහෙම බැරිනම් නිකං ඉන්න". මේ අදහසට තමා කියන්නේ "හොබ්සන්ගේ තේරීම" කියලා. මේකත් හරියට අපේ සිංහල භාෂාවේ පාවිච්චි කරන "ගන්නවානම් ගනිං, නැත්තම් පලයං" වගේ සීන් එකක්. ඔයාට දැන් පේනවා ඇති මේ මිනිස්සුට ඒක අසාධාරණයක් කියලා. ඒ වගේම ඔවුන් ඒක නිසා නොසතුටු වෙන්නත් ඇති කියලා. ඒත් මෙතන හොබ්සන්ගේ වැඩේ කිසිම වැරැද්දකුත් නෑ. කොහොම උනත් හොබ්සන්ගේ දන්නවා මෙතන ඉන්න සේරම අශ්වයෝ නීරෝගී වගේම ක්‍රියාශ්‍රීලී කියලා...

ඇයි කූඹි පෝළිමකට ගමන් කරන්නේ?

Image
ඔයා නිකං ඉන්න ගමන් බිත්තියක් දිහා බලද්දී, ඔයා දැකලා ඇති කූඹි සෙට් එකක් එකා පස්සේ එකා පෝලිමේ යනවා. ඉතින් එතකොට හිතිලා තියෙනවාද, උන් එහෙම යන්න හේතුව?  ඔයාලා දන්නවනේ කූඹි ගැන්සි වල "වැඩකාර කූඹි" නැත්තම් "Worker Ants" කියලා ජාතියක් ඉන්නවා. ඒ වගේම මේ වැඩකාර කූඹියොන්ව මෙහෙයවන්න "නායක කූඹියා" කියලා පොරකුත් ඉන්නවා. ඉතින් දැන් මේ කූඹි කෑම හොයන්න එලියට යනකොට, එතන ඉන්න නායක කූඹියා කරන්නේ, රසායනික ද්‍රව්‍යයක් පාරේ හලාගෙන යනවා. මේ රසායනික ද්‍රව්‍ය තමා "ෆෙරමෝන" කියලා කියන්නේ. ඉතින් මේ අපේ වැඩකාර කූඹියෝ එතකොට කරන්නේ මේ රසායනික ද්‍රව්‍යයේ සුවද බලලා ඒ පාර දිගේ යන එක. ඉතින් මේ හින්දා තමා අපි දකින්නේ උන් පෝලිමකට යනවා වගේ. එතකොට මෙයාලා අවශ්‍ය කෑම හොයාගෙන ඉවර වෙලා, ආයේ ගුලට යනකොට, ආයෙමත් අර ෆෙරමෝන වලින් අර නායක කූඹියා පාරක් හදනවා. එතකොට අනිත් උන් කරන්නේ ආයෙත් මේ අලුත් පාර දිගේ යන එක. References - යොමු Why do Ants Walk in a Straight Line?. (n.d.). Critter Control of Tampa. https://crittercontroloftampa.com/blog/why-do-ants-walk-in-a-straight-line/ Photo Credit: Wal...

Sex ගැන තියෙන දැවෙන ප්‍රශ්න

Image
1. පුරුෂ ලිංගයේ ප්‍රමාණය සහ කාන්තාවගේ ආතල් එක  එක පරීක්ෂණයකදී කාන්තාවන් පිරිසකගෙන් අහනවා, එයාලාට වැදගත් දිග ඒවද නැත්තම් මහත ඒවාද කියලා. ඉතින් එතනදී 21%ක් දිග ඒවාට කැමති වගේම 32%ක් කැමති මහත ඒවාට. ඒවගේම එතනින් 1%ක් කාන්තාවෝ විතරයි ප්‍රමාණය වැදගත් කියලා හිතන්නේ. ඉතින් සාමාන්‍යයෙන් කෙලින් වෙච්ච පුරුෂ ලිංගයක් 13CM වගේ වෙනවා කියලත් මේ පරීක්ෂණයෙදි පෙන්නලා තියෙනවා. ලොකු පොඩි එක නොව ආතල් එක වැදගත් කියන එක මේකෙන් පැහැදිලි. 2. ආදරය සහ ස්වයං වින්දනය  ඉතින් මේ තියෙන්නේ ආදර සම්බන්ධයක් තියෙද්දිත් ස්වයංවින්දනය කරන මිනිස්සු ප්‍රමාණය. 85%ක් පිරිමි සහ 45%ක් ගැහැණු ආදරය කරද්දිත් ස්වයංවින්දනය කරනවා. පිරිමි ගොඩක් වෙලාවට ස්වයංවින්දනය කරන්නේ නව යෞවන වියේදී. එතකොට කාන්තාවෝ ගොඩක් වෙලාවට ඒක කරන්නේ 30 පැන්නම. ඉතින් මේ ස්වයංවින්දනය කරනවා කියන එක පට්ටම ස්වභාවික දෙයක් වගේම ඒකට කිසිම වයස් සීමාවක් නෑ. 3. සමලිංගික සේවනය  1974දී මේ සමලිංගික සේවනය මානසික ව්‍යාධියක් විදියට සලකන එක නතර කරලා තියෙනවා. ඉතින් මේකත් ස්වභාවික දෙයක් කියලා එදා ඉදන් පිලිගන්නවා. ඒ වගේම අපේ ජනගහනයෙන් 3%ත් 7%ත් අතර ප්‍රම...

කක්කා බෙටි ගැන දන්නේ කොච්චරක්ද ඔයා?

Image
ඔයා කක්කා කලාම, කොමඩ් වලේ ඉතුරු වෙන චූටි දුඹුරු පාට වටලප්පන් වගේ කෑලි තමා, ඔයා කෑම ගත්තට පස්සේ ඔයාගේ ඇග සියලු පෝෂ්‍ය පදාර්ථ උරාගෙන, අන්තිමට වැඩක් නැ කියලා අයින් කරන ටික. ඉතින් මේ කක්කා කරන එක අප්පිරිය දෙයක් උනත් ඒක ශරීර සෞඛ්‍යට පට්ටම හිතකර ක්‍රියාවක්. කක්කා බෙටි වල හැඩ සහ තේරුම්  1. ඇට වගේ වෙන වෙනම යන බෙටි ඔයාගේ බෙට්ටේ කෙදි හා දියර මදි. වහාම වතුර හොදට බීලා එලවලු පලතුරු කන්න. 2. සොසේජස් වගේ හැඩයේ සිනිදු බෙටි ඔයා සෝක්. ඔයාගේ බෙට්ට සමාන්‍යයි.  3. කැද/දියර වගේ යන බෙටි   ඔයාට සමහරවිට අතීසාරය. හොදට වතුර වගේ දියර බොන්න. නැත්තම් විජලනය වෙයි. 4. අග්ගලා වගේ කැට බෙටි ලොකු අවුලක් නෑ. ඒත් හොදට කෙදි ආහාර හා වතුර ගන්න. 5. වටේ පටලයක් තියෙන සිනිදු බෙටි ඒකත් අවුලක් නෑ. ගොඩක් කක්කා දැම්මම ඔහොම තමා. 6. අග්ගලා වගේ නමුත් පෘෂ්ඨයේ ඉරිතැලුනු බෙටි මේක සාමාන්‍යයි. ඒත් ඉරිතැලිලා කියන්නේ වතුර මදි. ඒනිසා වතුර බොන්න. 7. තලපයක් වගේ මයිල් කෑලි තියෙන වටේ කඩතොලු වෙච්ච බෙටි ඔයා ඉන්නේ රතු සීමාවට ලංවෙලා. ඔයාට අතීසාරයක් හැදෙන්න ඔන්න මෙන්න. 8. කොමඩ් වලේ පැත්තක ඇලිලා තියෙන බෙටි වැඩියෙන් තෙල් කෑම කන නිසා ඔහොම ...

ශ්‍රී ලංකාවේ මුතු කර්මාන්තය හා ඉතිහාසය

Image
අපේ රටේ මේ මුතු කර්මාන්තයට හෙන දිග ඉතිහාසයක් තියෙනවා. ඉන්දියන් සාගරයේ මුතු ඇටේ කියලා අපේ රට හදුන්වන්නත් ඒක හේතුවක් වෙනවා. එතකොට අපේ දේවානම්පියතිස්ස රජතුමා අශෝක රජතුමාට යවලා තියෙන තෑගි වලත් මුතු තිබ්බා කියලා මතයකුත් තියෙනවා.  ඉස්සර කාලේ, ලංකාව කියන්නේ පෙරදිග හා අපරදිග වෙළඳ මධ්‍යස්ථානයක්. එතකොට ඒ කාලේ වැඩිපුරම අපි අපනයනය කරලා තියෙන්නේ මුතු, මැණික්‌, ඇත්දත් හා දළ ඇතුන්ව. ඉතින් මේනිසා ඒකාලේ ලංකාව පට්ටම පෝසත් රටක්.  ඉතින් මේ මුතු අපිට කොච්චර සමීපද කියනවා නම්, අපේ මිනිස්සු මුතු හා ස්ත්‍රීන් සම්බන්ධව ජනකවිත් හදලා තියෙනවා. මේ තියෙන්නේ ඒ වගේ ජනකවියක්. "කටුගස්‌තොටේ මම තනියම නාන කො ට ළමිස්‌සියක්‌ බැස්‌සයි මගෙ ඉස්‌සර ට  කරේ තිබුණු මුතු දෙපටේ ලස්‌සන ට ගෙන යන්නට සිතුනයි මට ඈ ගම ට" එතකොට ඒ කාලේ "මුතු කෙළිය" කියලා ක්‍රීඩාවකුත් තිබිලා තියෙනවා. හැබැයි මුල් කාලේ ඕක තිබ්බේ සල්ලි තියෙන පොරවල් අතර විතරයි. ඒත් පස්සේ පස්සේ මේක සාමාන්‍ය මිනිස්සුන්ටත් ගියා. ඉතින් මේ තියෙන්නේ මුතු කෙළිය හා සම්බන්ධ ජනකවියක්. "උදාරමට මුතු කෙළිනා සීරු ව  සැදී දෙපිල අඟනන් සිට මාරු ව  අතේ වළලු නද දෙති එක සී...

පැස්ටෆාරී ආගම සහ පියාඹන ස්පෙගැටි රාක්ෂයා

Image
පැස්ටෆාරී ධර්මයේ (නැත්තම් ගොඩක් අය දන්න විදිහට පියාඹන ස්පෙගැටි රාක්ෂයාගේ පල්ලියේ) දෙවියා තමා "පියාඹන ස්පෙගැටි රාක්ෂයා (Flying Spaghetti Monster -FSM)". මේ ආගමේ සාම්ප්‍රදායික හිස් වැස්ම, පෙනේර බදුනක්. පියාඹන ස්පෙගැටි රාක්ෂයා කියන එක මුලින්ම විස්තර කෙරෙන්නේ, කැන්සාස්(Kansas) ප්‍රාන්ත අධ්‍යාපන මණ්ඩලය විසින් දීපූ "පරිණාමය(evolution) විෂය වෙනුවට බුද්ධිමත් නිර්මාණකරනය (intelligent design) කියන විෂය රජයේ පාසල් වල විද්‍යා පන්තිවල උගන්නන්න" කියන තීරණයට විරෝධය පළ කරලා 2005 වසරේදී භෞතික විද්‍යා උපාධිධාරියෙක් වෙන බොබී හෙන්ඩසන් (Bobby Henderson) විසින් ලියන ලද උපහාසාත්මක විවෘත ලිපියකින්. මේ ලිපියෙදි හෙන්ඩසන් බුද්ධිමත් නිර්මාණකරනය සහ පරිණාමය යන විෂයන් එක්ක "පියාඹන ස්පැගටි රාක්ෂවාදය" සඳහාත් සමාන කාලයක් දෙන්න කියලා ඉල්ලලා තියෙනවා.  හෙන්ඩර්සන් මේ ලිපිය ඔහුගේ වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් කිරීමෙන් පසු "පියාඹන ස්පෙගැටි රාක්ෂයා" අන්තර්ජාලයේ ප්‍රසිද්ධ වාක්‍ය ඛණ්ඩයක් බවට පත් වුනා. ඒ වගේම ඒක රජයේ පාසල් වල බුද්ධිමත් නිර්මාණකරන ඉගැන්වීමේ විරෝධතාවයේ සංකේතයක් වි...

මරණය සහ මරණාසන්න අත්දැකීම

Image
නිව් යෝර්ක්හි NYU Langone වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය සෑම් පාර්නියා මහතාට අනුව මියයෑම කියන්නේ හෙන ආතල් අත්දැකීමක්. ඒ වගේම ඒ මහතා කියනවා, මරණාසන්න අත්දැකීම් ලබපු සමහර මිනිස්සුන්ට මියගිය ඥාතීන් එහෙමත් මුණ ගැහිලා තියෙනවාලු. ඒත් එතුමා තරයේ කියා සිටිනවා මේක කොහෙත්ම මරණින් මතු ජීවිතයකට අදාළ දෙයක් නෙවේ කියලා. තවද මෙතුමා කියනවා මේ මරණය කියන්නෙත් එක්තරා ක්‍රියාවලියක් වන අතර ඒක කළු සහ සුදු මොහොතක් නොවෙනවලු. ඒ වගේම එතුමා තව කියනවා, අපි මිය යාමට ආසන්න වෙන කොට අපේ මොළය තුළට ඔක්සිජන් අඩුවීමක් සිදුවෙලා අපේ මොළයේ පරිපථ ක්‍රියා විරහිත වෙලා බාහිර ලෝකයට අවිඥානික වීම තමා අවසාන ප්‍රතිඵලය. හදවත නැවතුණාම, මොළයට, වකුගඩුවලට හා අක්මාවට ලේ ගලා නොයන නිසා සියළුම ජීවන ක්‍රියාවලීන් නවතිනවා. එතකොට අපේ සිරුරට පණ නෑ වගේම කිසිම හෙලවීමකුත් නෑ. මේ සිදුවීමට තමා වෛද්‍යවරු මරණය කියලා හදුන්වන්නේ. නමුත් මෙතුමා කියන විදිහට මෙතන මානසික ක්‍රියාවලියක් තියෙනවා. මොකද මේ මරණාසන්න අත්දැකීම් ලබපු පුද්ගලයෝ, ආයෙමත් මැරෙන්න තමා වැඩි කැමැත්තක් දක්වන්නේ. අවසාන වශෙයෙන් මෙතුමාගේ මතයට අනුව, අපි මැරෙනකොට ඒ අත්දැකීම අතිමහත් බහුතරයකට ...

වගා කරලා කන්න පුළුවන් මස්

Image
වගා කරලා කන්න පුලුවන් මස් කියන්නේ, සත්තු මරලා කනවා වෙනුවට, ජීවී හෝ ස්වාභාවික පසුබිමක් තුළ නොවන, පාලනයේ පවතින පර්යේෂණාත්මක පරිසරයක සත්ව සෛල වගා කරන එක (vitro cell culture). මේක සෛලීය කෘෂිකර්මාන්තයේ එක ආකාරයක්. 2013දී මාස්ට්‍රික්ට් විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයෙකු වන මාක් පෝස්ට් (Mark Post) මහත්මයා තමා සෛල වගාවෙන් නිර්මාණය කළ පළමු බර්ගර් පෙත්ත නිර්මාණය කලේ.  මස් වගාවේදී, ජාන ඇතුළත් කිරීම (insertion), මකා දැමීම (deletion), නිශ්ශබ්ද කිරීම (silencing), සක්‍රීය කිරීම (activation) හෝ විකෘති කිරීම (mutation) වගේ ජාන ඉංජිනේරු ක්‍රම අවශ්‍ය වෙන්නේ නෑ. මේකේදි කරන්නේ සාමාන්‍යයෙන් සත්වයෙකු තුළ සිදුවන ජීව විද්‍යාත්මක ක්‍රියාවලීන් සත්වයා නොමැතිව සිදුවීමට ඉඩ සලසන එක. 2019 දී තමා පළවෙනි පාරට අභ්‍යවකාශයේදී මේ වගේ මස් සාර්ථකව වගා කරලා තියෙන්නේ. ඒ තමා පෘථිවියට සැතපුම් 248 ක් (කි.මී. 399) දුරින් තියෙන ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය ඇතුලේ. ගොඩක් වාර්තා වල සදහන් වෙන විදිහට 2040 වෙද්දි අපි මස් කියලා කන්නේ බොහෝ දුරට මැරිච්ච සත්තුන්ගේ මස් නෙවේ.   References - යොමු Carrington, D. (20...

ඔයා ලෝකේ ඉන්න අන්තිම මනුස්සයා උනොත්?

Image
වෙනදා වගේම ඔයා උදේට නැගිටලා ජනෙල් අරිනවා. හොදින් ඉර පායලා තියෙනවා. පරිසරයත් පට්ටම නිස්කලංකයි. එකපාරට ඔයාගේ ඔලුවට එනවා වෙනදාට ඇහෙන වාහන සද්ද, මිනිස් කටහඬවල් අද ඇහුණේ නෑ නේද කියලා. ඉතින් ඔයා ඒවෙලේම යනවා පාරට. මිනිස්සු කිසිම කෙනෙක් නෑ. එක වාහනයක්වත් පාරේ යන්නේ නෑ. දැන් ඔයාට තේරුම් යනවා මෙතන මොකක් හරි සීන් එකක් වෙලා තියෙනවා කියලා. ඔයා හතරවටේ දුවනවා. කිසිම කෙනක් නෑ. දැන් ඔයා හිතෙනවා ඔයා විතරයි මේ ලෝකේ මිනිහෙක්ට ඉන්නේ කියලා. පස්සේ ඔයා බලනවා මේ හීනෙකද ඉන්නේ කියලා. ඒත් බැලුවම ඔයා ඉන්නේ සිරා ලෝකේ. ඉතින් ඊට පස්සේ ඔයා මොනා කරයිද? ඔයා තමා දැන් මේ ලෝකේ රජා. දැන් ඔයාට ඕන කාර් එකක් අරන් ඕනතරම් හයියෙන් පාරේ යන්ඩ පුළුවන්. පොලීසියත් නෑ නේ. වාහන තදබදත් නෑ. තව සුපර්මාකට් වලට පැනලා තියෙන ඕන කෑමක් කන්ඩත් පුලුවන්. ඕන ෆෝන් එකක් අරන් පාවිච්චි කරන්න පුලුවන්. සල්ලි ගෙවන්න කියලා දේකුත් නෑනේ. හැබැයි ඒත් කාලයක්‍ යද්දි ඔය කාර් වලට එහෙම ගහන්න තෙල් හම්බෙන්නෑ. ඒම උනොත් කාර් එක නිකන් යකඩ ගොඩක් විතරයි. ඒවගේම ඔයා හිතයි දවසින් දවස ඔයාට එකේක සුපිරි ගෙවල් වල ඉන්න පුළුවන් වෙයි කියලා. ඒත් නිසි නඩත්තුවක් නැති නිසා...

Ubuntu Linux මෙහෙයුම් පද්ධතිය

Image
හුගක් කට්ටිය අතර තියෙන මතයක් තමා මේ ලිනක්ස් පාදක මෙහෙයුම් පද්ධති තියෙන්නේ මෘදුකාංග ඉංජිනේරුවෝ හෝ හැකර්වරුන්ට කියලා. ඒත් ඒක මිත්‍යාවක්. පරිගණක ගැන සාමාන්‍ය දැනුමක් තියෙන ඕනම කෙනෙක්ට ඒක Windows මෙහෙයුම් පද්ධති වගේම පාවිච්චි කරන්න පුලුවන්. ඒ වගේම, අවුරුදු ගානක් තිස්සේ Canonical ආයතනය විසින් මේකේ පරිශීලක අතුරුමුහුණත(UI) හොදට වර්ධනය කරලා තියෙනවා. ඒ වගේම අපිට Gnome Tweak Tool වගේ මෘදුකාංග පාවිච්චි කරලා මේක තව තවත් ඕන ඕන විදිහකට හැඩකරන්න (customize) පුළුවන්.  මේකේ විශේෂ වාසිය තමා Canonical ආයතනය විසින් මේක අපිට ලබාදෙන්නේ සම්පූර්ණයෙන්ම නොමිලේ සහ කේත විවෘතව. ඒ වගේම ඒක ගොඩක් ලිනක්ස් වල දකින්න ලැබෙන විශේෂත්වයක්. ඔයාට මේක ubuntu.com  වෙබ් අඩවියෙන් ලේසියෙන්ම Download කරගන්න පුළුවන්. ඊට පස්සේ rufus වගේ මෘදුකාංගයකින් USB එකකට Flash කරන්න පුලුවන්. නැත්තම් CD එකක් භාවිතා කරලා Burn කරගන්නත් පුළුවන්. ඊට පස්සේ පරිගණකයේ Boot Key එකෙන් USB හෝ CD එක Boot කරලා පහසුවෙන්ම ඔයාගේ පරිගණකයට ස්ථාපනය කරන්න පුලුවන්. Ubuntu ස්ථාපනය කරාට පස්සේ ඔයාට අවශ්‍ය වෙන ගොඩක් මෘදුකාංග ඒකේ තියෙන Software Cent...

නින්ද යන්නේ නැද්ද?

Image
අපි හරියට නිදා නොගත්තොත් මොකක් වෙයිද? 1. ඇගේ බර වැඩිවෙනවා අපි හරියට නිදා නොගත්තොත්, අපේ බඩේ තියෙන බඩගිනි කරවන හෝර්මෝනය වෙන ග්‍රෙලින්(ghrelin) මට්ටම ඉහල යනවා. ඒවගේම ලෙප්ටින්(leptin) කියන හෝර්මෝන මට්ටම පහල යනවා. එතොකට ඔයාට වැඩියෙන් කන්න හිතෙනවා. අන්තිමේදී වෙන්නෙ එතකොට මහත් වෙලා බර වැඩිවෙන එක. 2. මානසික සෞඛ්‍ය ගැටලු නින්ද නොමැතිකම, මානසික ආතතිය වැඩි කරන අතර මානසික අවපීඩනද ඇතිකරනවා.  ඒවගේම, මානසික ආතතියෙන් හා මානසික අවපීඩනයෙන් පෙළීම, නින්දට යාම තවත් අමාරු කරවනවා. 3.දියවැඩියාව හැදෙනවා නින්ද අඩුවීම මගින්, ලේ වල සීනි මට්ටම ඉහළ යාමට ලොකු අවස්ථාවක් තියෙනවා. එක් රාත්‍රියකදී නින්ද නොලැබීම පවා, ඉන්සියුලින් වැඩි කරන අතර, එමඟින් ලේ වල සීනි මට්ටම ඉහළ යන්න පුළුවන්. මේකේ ප්‍රතිඵලයක් විදියට, නින්ද නොලැබීම දියවැඩියාව ඇතිවෙන්න ලොකු අවදානමක් තියෙනවා. නින්ද යන්න නම් මොකක්ද කරන්න ඕනේ? 1.භාවනාවක් කරන්න පුරුදු වෙන්න. පර්යේෂකයන්ට අනුව, භාවනාව ක්‍රම කිහිපයකින්ම මේ ප්‍රශ්නෙට උදව් ලබාගන්න පුළුවන්. නින්ද නොයන ගැටලු ගොඩක් වෙලාවට ආතතියෙන් හා කනස්සල්ලෙන් පැන නගින ඒවා තමා. නමුත් භාවනා කිරීම මගින් ඔයාට...

ක්වොන්ටම් බැටරිය

Image
මේ චූටි බැටරියට පුලුවන්, ඔයාගේ ෆෝන් එකේ චාජ් එක ජීවිත කාලෙම වගේ තියාගන්න. ඒ කියන්නේ මේ බැටරිය එකපාරක් චාජ් කරොත් ආයේ ජීවිත කාලෙටම චාජර් එකට නම් ගහන්න ඕනේ නෑ. මේ ක්වොන්ටම් බැටරි තාක්ෂණය ඔයාගේ ෆෝන් එකේ විතරක් නෙවේ. කාර් එකට, ස්මාර්ට් ඔරලෝසුවට, ලැප්ටොප් එකට වගේ බැටරි පාවිච්චි වෙන දේවල් වලට පාවිච්චි කරන්නත් පුලුවන්. ඒවගේම, සමහර විද්‍යාඥයෝ අනුමාන කරනවා, මේ බැටරි අධි බලැති ආරෝපණයකට ලක් කරන්න පුළුවන් කියලා. එහෙම උනොත් ගොඩක් ලොකු බැටරි ධාරිතාවක් තියෙන බැටරියක් වුනත්, චාජ් වෙන්න යන්නේ ඉතාම අඩු කාලයක්.  සාම්ප්‍රදායික බැටරි එක්ක බලන කොට, බලශක්තිය ගබඩා කරන එක වැඩි දියුණු කරන්න තරම් ක්වොන්ටම් බැටරි වලට, ක්වොන්ටම් යාන්ත්‍රිකයේ තියෙන සුපිරි ආවේණික ගුණ තියෙනවා. මේ බැටරි වලදී, ඉලෙක්ට්‍රෝන විසින් ප්‍රෝටෝන උරාගෙන, එතන ස්ථාවර වෙනවා. [එතකොට මේක, නැනෝ-ව්‍යුහගත ඝන තත්වයේ පදාර්ථ (nanostructured solid state of matter) වල එක් භාවිතයක්] එතකොට මේ තත්වෙ උඩදී, අර පදාර්ථ වලට ඕනතරම් කාලයක් පවතින්න පුළුවන්. රොබට් ඇලිකි සහ මාක් ෆෑන්ස් කියලා විද්‍යාඥයෝ දෙන්නෙක්, මේ ක්වොන්ටම් බැටරි ගැන ලොකු ලොකු දේවල් අ...

බොහෝ දෙනෙකුට පෙනෙන සිහින හා ඒවායේ තේරුම් කිහිපයක්

Image
1.දත් කඩාවැටීම. මේ කියන ගොඩක් අයට පේන දත් කඩාවැටීමේ හීන ගොන්නට, වැටුණු දතක් ඔබේ අතේ තිබීම, සුළු ස්පර්ශයකින් දත් සේරම එකින් එකට කටින් වැටීම හා දත් නරක් වී තිබීම වගේ දේවල් අයිති වෙනවා. මෙවැනි හීන සමහරවිට ඔබේ සිතේ, ඔබේ රූපය ගැන ඇති ඍණාත්මක හැගීම හා අනිත් මිනිසුන් ඔබ දිහා බලන ආකාරය ගැන පෙන්වන්නක් විය හැකියි. සාමාන්‍යයෙන්, බය, ප්‍රතික්ෂේප වීම, තමා ආකර්ෂණීය නොවන සේ දැනීම මේ හීන වල මූලයයි.  තවත් අතකින් ගත්තොත්, මේ හීන සන්නිවේදනයටද අදාළ වන්න පුළුවන්. මොකද ඔබට දත් නැත්තම් කතා කරන්න බැරි නිසා. ඒනිසා සමහරවිට ඔයාගේ හීනෙන් ඔයාට තවත් කෙනෙක් එක්ක කතාකිරීමේ අපහසුතාවක් වෙන්න පුලුවන්. තවද මේක තමන්ට හයියක් නෑ වගේ දේකට අදාළ වන්න පුළුවන්. මොකද කෑම හපන්න, මස් ඉරන්න වගේ දේවල් වලටත් දත් පාවිච්චි කරනවා. එතකොට ඒකෙන් කියැවෙන්නේ ආත්මවිශ්වාසය මදිකම හෝ සමහර විටෙක යම් තරමක පෞද්ගලිකවයක් ඕන වුණ විට. 2.යමකින් පලායාම. යම් දෙයකින් හෝ කෙනෙකුගෙන් පළායාම සිහිනෙන් දැකීමෙන් අදහස් වෙන්නේ, ඇත්ත ජීවිතේදී යමක් නිසා බය වෙලා හෝ සාංකාවක් ඇතිකරගෙන. ඔබ මේ පලායාමේ ක්‍රියාවෙන් කියවෙන්නේ, ඔබ එදිනෙදා මානසික පීඩනයට ප්‍රත...

චර්නොබිල් න්‍යෂ්ටික බලාගාරයේ සිදු වූ මහා ව්‍යසනය

Image
1986 වසරේ අප්‍රේල් මස යුක්‍රේනයේ පිහිටි චර්නොබිල් න්‍යෂ්ටික බලාගාරයේ සිදු වූ මහා ව්‍යසනය, දෝෂිත සෝවියට් ප්‍රතික්‍රියාකාරක නිමැවුමක් හා බලාගාර මෙහෙයවන්නන් විසින් කරන ලද දරුණු වැරැද්දක ප්‍රතිඵලයක් වුණා.  ව්‍යසනයේ ස්වභාවය... අප්‍රේල් 26 අළුයම 01:23 ට සිදු වූ විදුලි ඇනහිටීමකදී, හදිසි ජල සිසිලන පද්ධතියක් ක්‍රියාත්මක වේදැයි පරීක්ෂා කිරීමට ක්‍රියා පටිපාටියක් සිදු විය.  මෙහිදී එක් මොහොතකින්, පාලනයකින් තොර වූ ප්‍රතික්‍රියාවක් මගින් "ප්‍රතික්‍රියාකාරක අංක 4" හි වාෂ්ප ආකාරයට පීඩනය වැඩි විය. එනිසා වාෂ්ප, ප්‍රතික්‍රියාකාරකයේ වහලය පුපුරුවා හැර, දුමාකාර විකිරණ සහ දැවෙන විකිරණශීලී සුන්බුන් කැබලි පිටතට මුදා හැරියා. තත්පර දෙකතුනකට පමණ පසු, සිදු වූ දෙවන පිපිරීමකින්, ඉතිරිව තිබූ අමතර ඉන්ධන දහනය විය. එමෙන්ම "ප්‍රතික්‍රියාකාරක අංක 3" හි වහලයේ ගින්නක්ද ඇති විය. සාමාන්‍යයෙන් ක්‍රියාත්මක වීමට තිබෙන ස්වයංක්‍රීය ආරක්ෂණ පද්ධතිද මේ අවස්ථාවේදී එසේ නොවුයේ, පරීක්ෂණයට පෙර ඒවා වසා දමා තිබූ නිසාය. ව්‍යසනයෙන් පසු... අනතුරෙන් පිටවූ අධි විකිරණ නිසා, මාස තුනක් ඇතුලත කම්කරුවන් 30 දෙනෙකුත්, ...

Kepler-452b ග්‍රහලෝකය

Image
කෙප්ලර්-452b කියන්නේ සමහර විට පෘථිවියේ ඥාති ග්‍රහලෝකයක් වෙන්න පුළුවන්. ඒත් මේ අලුත් ලෝකයේ ජීවත් වෙන එකනම් පිටසක්වල අත්දැකීමක් ම වෙයි. මේ ග්‍රහලෝකේ තියෙන්නේ ආලෝක වර්ෂ 1,402 ක් වගේ ඈතින්. (කිලෝමීටර් වලින් කිව්වොත් මෙන්න මෙච්චරක්: 13263944000000000 km) ඒ වගේම මේක පෘථිවිය වගේ පස් ගුණයක් විතර විශාලයි. ඒනිසා ගුරුත්වාකර්ෂණයත් සැලකිය හැකි තරමකින් අධිකයි. අජටාකාශගාමියෝ කියන විදිහට මේකේ යම් සැලකිය හැකි කාලයක් අපි හිටියොත්, අධික ගුරුත්වය නිසා අපේ ඇගවල් පවා වෙනස් වෙන්න පුලුවන්. පර්යේෂකයන් කියන විදියට නම්, මේක ශෛලමය ග්‍රහලෝකයක්. ඒ කියන්නේ ගල් වලින් හැදිලා. හරියට අපේ පෘථිවිය වගේම. ඒත් හරියටම ඔවුන් ඒක හරියටම තහවුරු කරගෙන නම් නෑ. මේ ග්‍රහලෝකයට ඝන වායුගෝලයකුත්, දියර ජලයත්, සක්‍රීය ගිනිකදුත් පවතිනවා කියලත් ඔවුන් අනුමාන කරනවා. ඒ වගේම මීට අවුරුදු බිලියන ගානකට කලින් වාසයට හිතකර වෙලා තිබුණු සිකුරු, හරිතාගාර බලපෑම නිසා අද තියෙන තත්වයට පත්වුණා වගේම සීන් එකක් මේ ග්‍රහලෝකයට වෙන්න පුලුවන් කියලා ඔවුන් තවදුරටත් අනුමාන කරනවා. මේ ග්‍රහලෝකයේ තරුව ගැන කතා කළොත්, ඒක අපේ සූර්යයා කියන තරුවට වඩා 10 ගුණයක...

Hard Disk මඟින් ඔත්තු බලන IRATEMONK

Image
Master Boot Record (MBR) ආදේශනය මඟින් විධායනය(execute) ලබා ගැනීම සඳහා දෘඪතැටි(hard disk) ස්ථිරාංග(firmware) යෙදීමෙන් ඩෙස්ක්ටොප් සහ ලැප්ටොප් පරිගණකවල "මෘදුකාංග යෙදුම් ස්ථාවරයක් (software application persistence)" IRATEMONK සපයයි.  ඉතින් මෙය ස්ථාවරයක් බැවින්, පරිගණකයේ ස්ථාපිත(install) වී තිබියදී පුද්ගලයකු හෝ සංවිධානයක් ඊට ප්‍රවේශ වන විට, මෙහෙයුම් පද්ධතිය (Operating System: Windows 10, macOS, Ubuntu) නැවත ස්ථාපනය (reinstall) කිරීමෙන් හෝ ප්‍රත්‍යාරම්භ (reset) කිරීමෙන් ඵලක් නැත. විශේෂයෙන්ම මෙය සැබැවින්ම ස්ථාපිත බව සොයාගැනීමට පවා අපහසුය. මේ තත්ත්ව උඩදී, ඉන් මිදීමට කළහැකි එකම දෙය වන්නේ දෘඩතැටිය විසිකර දැමීමයි. නමුත් ඔවුන් සතුව මෙසේම ස්ථිරාංගයන් මව්පුවරුවටද (motherboard) යොදා ඇත්නම්, ඉන් බේරීමට ඔබට ඔබේ මුළු පරිගණකයම විසිකිරීමට සිදුවේ.

ළදරුවෙකුගේ දිවි ගැලවූ, ලොව කුඩාම කෘතීම හදවත

Image
ලොව කුඩාතම හදවත ලෙස සැලකෙන මෙම කුඩා ටයිටේනියම් වලින් නිපදවූ පොම්පය, ස්කන්ධයෙන් ග්‍රෑම් 11 පමණ වන අතර, එය මාරාන්තික රෝගයකින් පෙළෙන ළදරුවෙකුගේ ජීවිත‍ය බේරාගැනීමට සමත් වෙනවා. මෙහිදී සැත්කම කරන ලද ඉතාලියානු වෛද්‍යවරුන් පවසන ආකාරයට, එයට හදවත් දායකයෙක් හමුවන තුරු ළදරුවාව ජීවමානව තබාගැනීමට හැකිවෙලා තියෙනවා. මෙතරම් කුඩා හදවතක් මිනිසෙකු බද්ධ කල ප්‍රථම වතාව ලෙස සැලකෙන්නේ මෙයයි. මේ දරුවා හෘද පේශි දියවී රුධිරය පොම්ප කිරීමේ හැකියාව නවතා ලන dilated myocardiopathy නම් රෝගයකින් පෙළී තිබෙන්නේ. එවිට මේ ළදරුවා දින 13ක් පුරාවට සත්‍ය හදවතක් බද්ධ කරන තෙක් දිවි ගලවා ගත්තේ මෙම කෘතීම හදවතිනි. වෛද්‍යවරුන් පවසන ආකාරයට සැත්කමින් මසකට පසුවද ළදරුවා ඉතාමත් නිරෝගීව සිටීහ. එමෙන්ම මෙම උපකරණය ඇමරිකානු වෛද්‍යවරයකු වන රොබට් ජාවික් ගේ නව සොයාගැනීමක් වන අතර එය පෙරදී පරීක්ෂා කර තිබී ඇත්තේ වෙනත් සතුන් සදහා පමණි. එමනිසා මෙම රෝහලට වෛද්‍ය ජාවික්ගෙන් හා ඉතාලියානු සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විශේෂ අවසරයක් ගැනීමටද සිදුවී තියෙනවා. ඉතින් මෙම වෛද්‍යවරුන් පවසන ආකාරයට, අනාගතයේ දී කෘතීම හෘද බද්ධය ස්ථාවර විකල්පයක් වනු නොඅනුමානය.

Boeing සමාගම පේටන්ට් කල 'Star Wars' චිත්‍රපටයේ ආකාරයේ බල ක්ෂේත්‍ර තාක්ෂණය

Image
අහස්‍ යානා හා ආරක්ෂක පද්ධති නිර්මාණය කරන සමාගමක් වන Boeing සමාගම 'Star Wars' විද්‍යා ප්‍රබන්ධ කතාමාළාවේ එන බල ක්ෂේත්‍ර තාක්ෂණය වගේ තාක්ෂණයක් භාවිතා කර ඕනෑම ආකාරයකට සිදුවිය හැකි හානියක් වෙනතකට හරවා යැවීමට ශක්තියක් හදන්න උත්සාහ ගන්නවා. හරියටම චිත්‍රපටයේ තිබුණු අර ප්‍රභාසම්පන්න පලිහ වගේම. Boeingලාගේ මේ කියන "විද්‍යුත් චුම්භක චාප මගින් කම්පන තරංග ක්ෂමාකරණය" සඳහා වූ ක්‍රමය සහ පද්ධතියට අවට ඝට්ටන සිට ඉලක්කයන් දක්වා සැබෑම ආරක්ෂක පටලයක් සපයන්න පුළුවන්. හැබැයි කරුමෙට, ඒක කෙලින්ම එන ප්‍රහාරයන් වලින් ආරක්ෂා කරන්නෙ නෑ. ඉලක්කයක් ලග කම්පන තරංග ජනනය වෙන පිපිරීමක් සිදුවනකොට මේ පද්ධතියට ඒක සංවේදනය කරගන්න පුළුවන්. ඊටපස්සේ කම්පන තරංග වලින් ආරක්ෂාව අවශ්‍ය වන පරාසය චාප ජනක පද්ධතියකින් තීරණය කරනවා. පස්සේ ඒක වාතයට අයනීකරණය වෙන ලේසර් ස්පන්දන විමෝචනය කරන ක්‍රියාවලියකට භාජනය වෙලා, කම්පන තරංගවලින් ලේසර් උත්ප්‍රේරිත ප්ලාස්මා ක්ෂේත්‍ර ආරක්ෂාවක් සපයනවා.