හොබ්සන්ගේ තේරීම
1544–1631 කියන කාල වකවානුවේදී එක මනුස්සයෙක් හිටියා තෝමස් හොබ්සන් කියලා. මෙයා අශ්වයෝ වෙළෙන්දෙක්. එතකොට මෙයාට අශ්වයෝ 40ක් ඉන්න අශ්වගාලක් තිබ්බා. ඉතින් දැන් මෙයාගේ මේ අශ්වගාලට එන පාරිභෝගිකයන්ට ආපු ගමන් හිතෙන දේ තමා, එයාලට මෙතන ඉන්න 40න් ඕනම එකෙක් තෝරගන්න පුලුවන් කියලා. උදාහරණයක් විදිහට අපි කඩේකට බඩු ගන්න ගියාම අපිට එකම බඩුවේ ගොඩක් Brand තියෙනවානෙ තෝරගන්න. ඉතින් අපි කොහොමත් හොදම එක කියලා හිතෙන එකනේ තෝරගන්නේ.
ඒත් මේ පාරිභෝගිකයන්ට හොබ්සන්ව මුණගැහුණම, හොබ්සන් කිව්වේ අමුතුම කතාවක්. පොර කියනවා, "එක්කෝ ඔයාට දෙන්නම් ප්‍රධාන ගේට්ටුව ලග තියෙන අශ්වගාලේ මේ වෙලාවට විකුණන්න ඉන්න අශ්වයාව; එහෙම බැරිනම් නිකං ඉන්න". මේ අදහසට තමා කියන්නේ "හොබ්සන්ගේ තේරීම" කියලා. මේකත් හරියට අපේ සිංහල භාෂාවේ පාවිච්චි කරන "ගන්නවානම් ගනිං, නැත්තම් පලයං" වගේ සීන් එකක්.
ඔයාට දැන් පේනවා ඇති මේ මිනිස්සුට ඒක අසාධාරණයක් කියලා. ඒ වගේම ඔවුන් ඒක නිසා නොසතුටු වෙන්නත් ඇති කියලා. ඒත් මෙතන හොබ්සන්ගේ වැඩේ කිසිම වැරැද්දකුත් නෑ. කොහොම උනත් හොබ්සන්ගේ දන්නවා මෙතන ඉන්න සේරම අශ්වයෝ නීරෝගී වගේම ක්‍රියාශ්‍රීලී කියලා. ඉතින් මෙතනදි අපිට කියන්න පුළුවන් හොබ්සන් තමන්ගේ පාරිභෝගිකයන්ව ඔවුන්ගේම අතින් සිදුවෙන්න පුළුවන් වැරදිවලින් ඔවුන්වම ආරක්ෂා කලා කියලා. (හොබ්සන්ගේ අශ්වයෝ තමා ඉතින් ඒ කාලේ හොදටම කරන්නේ) ඒ වගේම හොබ්සන් මෙයාලාගේ වෙලාවත් ඉතුරු කරලා දීලා තියෙනවා. මොකද දැන් මෙයාලාට අශ්වයෝ තෝරන්න දෙයක් නෑ තියෙන එකා ගන්නවා ඇරෙන්න. ඒ වගේම මීට වඩා හොද එකෙක් ගන්න තිබ්බා කියන වද වෙන සිතුවිල්ලත් නැති වෙනවා.
ඉතින් මේ කතාවේ වගේම, සමහර වෙලාවට, තීරණ ගන්නන් හැටියට, අපිටත් අපේ ඇගේ ඇතුලේ ඉන්න හොබ්සන්ව පාවිච්චි කරන්න වෙනවා. ඉතින් ඔව්.. ඔයා, "මොකද්ද අපි කරන්න යන්නේ?" වගේ ලොකු විවෘත ප්‍රශ්නයක් අහන එක අවුලක් නෑ. ඒත් අවස්ථාවට අනුව, යම් වෙලාවල් වලට ගොඩක් හොදයි පොඩි සංවෘත ප්‍රශ්නයක් අහන එක. උදාහරණයක් විදිහට, "අපි මේකද කරන්න ඕනේ? නැත්තම් අරකද?". එහෙම නැත්තම් පොඩ්ඩක් හොබ්සන්ගේ ස්ටයිල් එකට යන්න පුළුවන්, "අපි මේක කරනවාද? නැත්තම් මුකුත් නොකර ඉන්නවද?".
සමහරවිට ඔයාට විවෘත ප්‍රශ්න හා සංවෘත ප්‍රශ්න ගැන ලොකු අදහසක් නැතුව ඇති. ඉතින් විවෘත ප්‍රශ්න ගැන කිව්වොත්, ඒකට ඔයාගේ "ප්‍රශ්න විසදීම" වගේ නිර්මාණශීලී හැකියාවන් පාවිච්චි කරන්න ඕන වෙනවා. ඒ වගේම ඒකට යම් තරමක උත්සාහයකුත් දරන්න වෙනවා. ඒත් සංවෘත ප්‍රශ්න ඊට හාත්පසින්ම වෙනස්. හරියට කිව්වොත්, ඔයාට කරන්න තියෙන දේවල් වලින් වැඩිහරියක් දැනටමත් කෙරිලා ඉවරයි. ඒ වගේම විවෘත ප්‍රශ්නවලට වඩා සංවෘත ප්‍රශ්න වලට ඉක්මනින් හා සංක්ෂිප්තව උත්තර හොයන්නත් පුළුවන්.
ඉතින් අවසාන වශෙයෙන් කියන්න තියෙන්නේ, මේ කතාව ආදර්ශයක් කරගෙන, අවස්ථානුකූලව තීරණයක් ගන්න එක කරන්න. මෙතනදි මම "තීරණයක් ගන්න එක" කියලා කිව්වට "තීරණයක් නොගන්න එක" ත් ඇතුලත්. මොකද සමහර අවස්ථාවලදී තීරණය නොගෙන ඉන්න එක හොද වෙන්න පුලුවන්.
References - යොමු
Grant, C. (2020). Better Decisions: Direct Your Life. Influence Your World.: 20 Thought-provoking Lessons. White Lion Publishing.
- Cover Photo: Western Horses at the Livery Stable is a photograph by Randall Nyhof which was uploaded on March 12th, 2019.
Comments
Post a Comment