නින්ද යන්නේ නැද්ද?
අපි හරියට නිදා නොගත්තොත් මොකක් වෙයිද?
1. ඇගේ බර වැඩිවෙනවා
අපි හරියට නිදා නොගත්තොත්, අපේ බඩේ තියෙන බඩගිනි කරවන හෝර්මෝනය වෙන ග්‍රෙලින්(ghrelin) මට්ටම ඉහල යනවා. ඒවගේම ලෙප්ටින්(leptin) කියන හෝර්මෝන මට්ටම පහල යනවා. එතොකට ඔයාට වැඩියෙන් කන්න හිතෙනවා. අන්තිමේදී වෙන්නෙ එතකොට මහත් වෙලා බර වැඩිවෙන එක.
2. මානසික සෞඛ්‍ය ගැටලු
නින්ද නොමැතිකම, මානසික ආතතිය වැඩි කරන අතර මානසික අවපීඩනද ඇතිකරනවා. ඒවගේම, මානසික ආතතියෙන් හා මානසික අවපීඩනයෙන් පෙළීම, නින්දට යාම තවත් අමාරු කරවනවා.
3.දියවැඩියාව හැදෙනවා
නින්ද අඩුවීම මගින්, ලේ වල සීනි මට්ටම ඉහළ යාමට ලොකු අවස්ථාවක් තියෙනවා. එක් රාත්‍රියකදී නින්ද නොලැබීම පවා, ඉන්සියුලින් වැඩි කරන අතර, එමඟින් ලේ වල සීනි මට්ටම ඉහළ යන්න පුළුවන්. මේකේ ප්‍රතිඵලයක් විදියට, නින්ද නොලැබීම දියවැඩියාව ඇතිවෙන්න ලොකු අවදානමක් තියෙනවා.
නින්ද යන්න නම් මොකක්ද කරන්න ඕනේ?
1.භාවනාවක් කරන්න පුරුදු වෙන්න.
පර්යේෂකයන්ට අනුව, භාවනාව ක්‍රම කිහිපයකින්ම මේ ප්‍රශ්නෙට උදව් ලබාගන්න පුළුවන්. නින්ද නොයන ගැටලු ගොඩක් වෙලාවට ආතතියෙන් හා කනස්සල්ලෙන් පැන නගින ඒවා තමා. නමුත් භාවනා කිරීම මගින් ඔයාට මේවායෙන් සැහැල්ලු වෙන්න පුලුවන්.
භාවනා කිරීම මගින් තවද:
මෙලටොනින් (නින්දේ හෝමෝනය) වැඩි කිරීම
සෙරොටොනින් වැඩි කිරීම
හෘද ස්පන්දන වේගය අඩු කිරීම
රුධිර පීඩනය අඩු කිරීම
නින්ද පාලනය කරන මොළයේ කොටස් සක්‍රිය කිරීම
වගේ අමතර වාසිත් ලැබෙනවා.
2.කෝපි බොන්න එපා.
මොළයේ ඇතුළතදී කැෆේන් (කෝපි වල රසායනිකය), ඇඩෙනොසින් ප්‍රතිග්‍රාහක අවහිර කරනවා. ඇඩෙනොසීන් කියන්නේ අපගේ අවදි වෙලා ඉන්න වේලාවේදී, මොළයේ නිපදවෙන නින්ද නැති කරන රසායනික ද්‍රව්‍යයකි. සාමාන්‍යයෙන්, අපි අවදිව ඉන්න වෙලාවට, ඇඩෙනොසීන් මොළය විසින් ගොඩනගනවා. ඒවා වැඩි වෙන තරමට අපිට නිදිමත වෙනවා. ඉතින් මේ කෝපි වල තියෙන කැෆේන් මේ ක්‍රියාවලිය අවහිර කලාම, අපිට නිදාගන්න බැරිවෙනවා. කෙසේ වෙතත්, ඔයා කෝපි වලට හොදටම ඇබ්බැහි වෙලා නම් ඉන්නේ, අඩුම තරමේ නිදාගන්න පැය 6කට කලින්වත් කෝපි බොන එක අවසන් කරන්න.
3.ෆෝන් එක පාවිච්චි කරන්න එපා.
අපේ ෆෝන් එකේ තිරයෙන් රතු, කොළ සහ නිල් කියන ආලෝකයන් පිටවෙනවා. ඉතින් මේ නිල් කියන ආලෝකය අපේ ඇහැට එච්චර හොද නෑ. ඒනිසා ඒක නිදාගන්න අමාරු කරනවා. ඉතින් ඔයාගේ ෆෝන් එක නිදාගන්න විනාඩි 30කට වගේ කලින් පාවිච්චි කරන එක නවත්තන්න.
අවසාන වශෙයෙන්, සමහර පරීක්ෂකවරු කියන විදියට නිදාගන්න හොදම වෙලාව තමා ප.ව. 10:10 කියන්නේ. ඉතින් පුළුවන් නම් ඔයාත් ඒ වෙලාවට නිදාගන්න බලන්න.
References - යොමු
Foley, L. (2021, January 22). Caffeine and Sleep. Sleep Foundation. https://www.sleepfoundation.org/nutrition/caffeine-and-sleep
Hellmich, N. (2014, July 20). How sleep loss leads to significant weight gain. USA Today.
KajaNi. (n.d.). Sleepless man lying in bed…..[Photograph]. Shutterstock. https://www.shutterstock.com/image-vector/sleepless-man-lying-bed-insomnia-cartoon-1542555053
Nunez, K. (2020, January 13). 3 Ways to Meditate for Better Sleep. Healthline. https://www.healthline.com/health/meditation-for-sleep
Pacheco, D. (2020, December 4). Sleep and Blood Glucose Levels. Sleep Foundation. shorturl.at/pwxFS
Sleep Advisor. (2020, June 10). Surprising Link Between Sleep Deprivation & Mental Illnesses (Psychosis). Sleep Advisor.

Comments
Post a Comment