මිනිස්සු විසින් නිර්මාණය කරපු සත්තු
මිනිසුන් බොහෝ අවස්ථා වල ස්වභාවධර්මයට එරෙහිව සටන් කරන්න උත්සාහ කරලා තියෙනවා. ඒක විශේෂයෙන්ම තහවුරු කරන උදාහරණයක් තමා මේ මිනිස්සු විසින් හදපු සත්තු. ඉතින් දශක ගාණක ඉදන් අපේ මිනිස්සු අලුත් ජානමය වශයෙන් වෙනස් කරපු සත්ත්ව විශේෂ කිහිපයක් නිර්මාණය කරන්න ලොකු උත්සාහයක් දරලා තියෙනවා. මෙතනදි සමහර අත්හදා බැලීම් සාර්ථක වෙලා තියෙනවා වගේම තවත් සමහර ඒවා විශාල ව්‍යසනයන් බවටත් පත්වෙලා තියෙනවා. ඉතින් අපි මේ ලිපියෙන් අපි මිනිස්සු විසින් නිර්මාණය කරපු සත්තු කීපයක් ගැන කතා කරමු.
මී මිනිහා (Human Rat Hybrid)
දැනට දශක ගානක ඉදන් වෛද්‍ය පරීක්ෂණ සහ ඖෂධ අත්හදා බැලීම් කරන්න මේ මීයෝ යොදාගෙන තියෙනවා. ඒ වගේම, 2019 ජූලි මාසයේදී ජපානය විසින් මිනිස්-මීයන් දෙමුහුන් නිර්මාණය කරන අදහස අනුමත කරලා තියෙනවා. එතකොට ඒක, ඉතිහාසයේ සිදු කරපු පළවෙනි මානව-සත්ව කළල අත්හදා බැලීම කියලා හදුන්වනවා.
මේ අත්හදා බැලීමේ අරමුණ තමා අනෙකුත් සත්තුන්ගේ ශරීරයේ මිනිස් අවයව සංස්ලේෂණය කිරීමේ තාක්ෂණයක් වර්ධනය කරන එක. මුල් කාලේදී මේ පරීක්ෂණයේ ප්‍රතිඵල ටිකක් මතභේදකාරි වුනත්, දැන් මේ තාක්ෂණය සඳහා අත්හදා බැලීම් කිහිපයක් කර කර ඉන්නවා.
එළු මකුළුවා (Spider Goat)
මේක හෙන අමුතුම අත්හදා බැලීමක් කියලා හිතුනත්, ඒක පුදුම විදිහට විශාල වාණිජමය දෙයක් විදිහට අවසන් වුණා. ජාන විද්‍යාව ගැන මහාචාර්යවරයකු වෙන රැන්ඩි ලුවිස් (Randy Lewis) එළුවෙකුගේ සෛල තුළට මකුළු DNA ඇතුල් කිරීමට උත්සාහ කරලා තියෙනවා.මේ වගේ මුලින්ම ජානමය වශයෙන් වෙනස් කරපු විශේෂය වූයේ Freckles කියලා එළුවෙක්.
ඒත් මෙතන කවුරුත් නොහිතපු ආතල් වැඩක් සිද්ද වුණා. ඒ තමා Freckles කියන මේ එළුවා එයාගේ කිරිවලින් මකුළු දැල් නිෂ්පාදනය කරන්න පටන් ගත්තා. මේ මකුළු දැල එක්ක බලනකොට බොහෝ වාරයක් දැඩි හා උසස් තත්ත්වයෙන් යුක්තයි කියලා හොයාගෙන තියෙනවා. ඉතින් ඒ නිසා දැන් මේ සත්ත්වයාට විශාල වාණිජමය වටිනාකමක් තියෙනවා.
ඌරු මිනිහා (Human Pig)
2017 දී, කැලිෆෝනියාවේ Salk ආයතනය මිනිස් අවයව වගා කිරීමට උපකාර කිරීම සඳහා මිනිස්සුන්ගේ DNA ඌරන්ට ඇතුල් කරන අත්හදා බැලීමක් කලා. මෙතනදි මේ නිර්මාණය කරපු මානව-ඌරු විශේෂය, මිනිසුන්ගේ ඉන්ද්‍රිය ප්‍රතිස්ථාපන අවශ්‍යතා සපුරාලන්න උදව්වක් විදිහට පාවිච්චි කරන්නයි මෙයාලා හිතාගෙන ඉන්නේ.
තටු නැති කුකුළා (Featherless Chicken)
මේ වගේ තටු නැති කුකුළෝ හදන එකේ අරමුණ වෙන්නේ මිනිස්සුන්ට ලැබෙන වාණිජමය ප්‍රතිලාභයයි. ගොඩක් විද්‍යාඥයින් හා සත්ව විශේෂඥයින් කියන විදිහට මේක තමා කුකුළු ගොවිතැනේ අනාගතය. විශේෂයෙන් උණුසුම් රටවල් වල.
එතකොට මේ කුකුළ් විශේෂයන්ගේ වේගවත් වර්ධනයක්, අඩු කැලරි සහ අඩු පාරිසරික පිය සටහන් වගේ ප්‍රතිලාභ කිහිපයක් තියෙනවා කියලා විද්‍යාඥයින් විශ්වාස කරනවා.
සිංහ-කොටියා (Liger)
මේ සත්ත්වයා හැදෙන්නේ පිරිමි සිංහයෙක් හා ගැහැණු කොටියෙක් එකතු කරලා. මෙයාලාගේ විශේෂ ලක්ෂණයක් තමා, ඔවුන් ඉතා ඉක්මනින් ඉතා විශාල විදිහට වර්ධනය වෙන එක. ඒවගේම ඔවුන්ව ලෝකයේ විශාලතම බළලුන් විදිහට හදුන්වනවා.
ඇත්ත වශයෙන්ම, පෘථිවියේ ඉන්න විශාලම සිංහකොටියාගේ බර කිලෝග්‍රෑම් 410 ක් වගේ වෙනවා. තවද, මේ වගේ සත්ත්ව විශේෂයක් වනාන්තර වල දකින්න ලැබෙන්නේ නෑ. ඔවුන් ඉන්නේ කෘතිම සත්ව අභිජනන මධ්‍යස්ථාන වල විතරයි.
References
Brady, C. (2020, April 25). Discover These 7 Animals That Were Created by Humans. Myce. https://www.myce.com/other/discover-these-animals-that-were-created-by-humans-92587/
Photo Credits
- The Young Family by Patricia Piccinini, 2018, silicone, fibreglass, hair (103 x 95 x 128cm) (c) The artist
- https://www.theonion.com/cd-projekt-red-says-they-ve-eliminated-the-need-for-cru-1837308584
- Goats that produce spider silk protein in their milk could enable researchers to collect large quantities of the silk. Image credit: National Science Foundation.
- https://nextnature.net/story/2006/featherless-chicken
- https://cutewallpaper.org/21/liger-wallpaper/view-page-21.html
Comments
Post a Comment