Boeing සමාගම පේටන්ට් කල 'Star Wars' චිත්‍රපටයේ ආකාරයේ බල ක්ෂේත්‍ර තාක්ෂණය
අහස් යානා හා ආරක්ෂක පද්ධති නිර්මාණය කරන සමාගමක් වන Boeing සමාගම 'Star Wars' විද්‍යා ප්‍රබන්ධ කතාමාළාවේ එන බල ක්ෂේත්‍ර තාක්ෂණය වගේ තාක්ෂණයක් භාවිතා කර ඕනෑම ආකාරයකට සිදුවිය හැකි හානියක් වෙනතකට හරවා යැවීමට ශක්තියක් හදන්න උත්සාහ ගන්නවා. හරියටම චිත්‍රපටයේ තිබුණු අර ප්‍රභාසම්පන්න පලිහ වගේම.
Boeingලාගේ මේ කියන "විද්‍යුත් චුම්භක චාප මගින් කම්පන තරංග ක්ෂමාකරණය" සඳහා වූ ක්‍රමය සහ පද්ධතියට අවට ඝට්ටන සිට ඉලක්කයන් දක්වා සැබෑම ආරක්ෂක පටලයක් සපයන්න පුළුවන්. හැබැයි කරුමෙට, ඒක කෙලින්ම එන ප්‍රහාරයන් වලින් ආරක්ෂා කරන්නෙ නෑ.
ඉලක්කයක් ලග කම්පන තරංග ජනනය වෙන පිපිරීමක් සිදුවනකොට මේ පද්ධතියට ඒක සංවේදනය කරගන්න පුළුවන්. ඊටපස්සේ කම්පන තරංග වලින් ආරක්ෂාව අවශ්‍ය වන පරාසය චාප ජනක පද්ධතියකින් තීරණය කරනවා.
පස්සේ ඒක වාතයට අයනීකරණය වෙන ලේසර් ස්පන්දන විමෝචනය කරන ක්‍රියාවලියකට භාජනය වෙලා, කම්පන තරංගවලින් ලේසර් උත්ප්‍රේරිත ප්ලාස්මා ක්ෂේත්‍ර ආරක්ෂාවක් සපයනවා.
Comments
Post a Comment