කක්කා බෙටි ගැන දන්නේ කොච්චරක්ද ඔයා?



ඔයා කක්කා කලාම, කොමඩ් වලේ ඉතුරු වෙන චූටි දුඹුරු පාට වටලප්පන් වගේ කෑලි තමා, ඔයා කෑම ගත්තට පස්සේ ඔයාගේ ඇග සියලු පෝෂ්‍ය පදාර්ථ උරාගෙන, අන්තිමට වැඩක් නැ කියලා අයින් කරන ටික. ඉතින් මේ කක්කා කරන එක අප්පිරිය දෙයක් උනත් ඒක ශරීර සෞඛ්‍යට පට්ටම හිතකර ක්‍රියාවක්.

කක්කා බෙටි වල හැඩ සහ තේරුම් 

1. ඇට වගේ වෙන වෙනම යන බෙටි
ඔයාගේ බෙට්ටේ කෙදි හා දියර මදි. වහාම වතුර හොදට බීලා එලවලු පලතුරු කන්න.

2. සොසේජස් වගේ හැඩයේ සිනිදු බෙටි
ඔයා සෝක්. ඔයාගේ බෙට්ට සමාන්‍යයි. 

3. කැද/දියර වගේ යන බෙටි 
ඔයාට සමහරවිට අතීසාරය. හොදට වතුර වගේ දියර බොන්න. නැත්තම් විජලනය වෙයි.

4. අග්ගලා වගේ කැට බෙටි
ලොකු අවුලක් නෑ. ඒත් හොදට කෙදි ආහාර හා වතුර ගන්න.

5. වටේ පටලයක් තියෙන සිනිදු බෙටි
ඒකත් අවුලක් නෑ. ගොඩක් කක්කා දැම්මම ඔහොම තමා.

6. අග්ගලා වගේ නමුත් පෘෂ්ඨයේ ඉරිතැලුනු බෙටි
මේක සාමාන්‍යයි. ඒත් ඉරිතැලිලා කියන්නේ වතුර මදි. ඒනිසා වතුර බොන්න.

7. තලපයක් වගේ මයිල් කෑලි තියෙන වටේ කඩතොලු වෙච්ච බෙටි
ඔයා ඉන්නේ රතු සීමාවට ලංවෙලා. ඔයාට අතීසාරයක් හැදෙන්න ඔන්න මෙන්න.

8. කොමඩ් වලේ පැත්තක ඇලිලා තියෙන බෙටි
වැඩියෙන් තෙල් කෑම කන නිසා ඔහොම වෙන්නේ. තෙල් කෑම කන එක අඩු කරන්න.


කක්කා බෙටිවල පාට සහ තේරුම්

1. දුඹුරු 
බෙට්ට නීරෝගී. අවුලක් නෑ.

2. කොළ
සමහරවිට කෑම ඔයාගේ බඩවැලෙන් ඉක්මන්ට ඇවිල්ලා. නැත්තම් ඔයා කොළ ජාති වැඩිපුර කාලා හෝ කෑම වලට දාන කොළ පාට වර්ණකාරක.

3. කහ
සමහරවිට ඔයාට බඩවැලෙදී ඔයා ගන්න ආහාර ද්‍රව්‍ය හරියට අවශෝෂණය කරගන්නේ නැති ලෙඩක් තියෙනවා.

4. කලු
මේක සමහරවිට පිලිකාවක් වගේ දෙයක් නිසා වෙන අභ්‍යන්තර රුධිර වහනයක ප්‍රතිඵලයක්. නැත්තම් විටමින් ප්‍රශ්නයක් වෙන්න පුලුවන්. බෙටි ඇලෙනවා වගේ නම් වෛද්‍යවරයෙක් හම්බෙන්න.

5. සුදු
මේක ගොඩක්ම වෙන්නේ ඔයාගේ පිත්තාශයේ ප්‍රණාල අවහිර උනාම. සමහරවිට ඔයා බොන බෙහෙත් නිසාත් වෙන්න පුළුවන්. කෝකටත් වෛද්‍ය උපදෙස් ගන්න.

6. රතු
මේක නම් පිලිකාවක රෝග ලක්ෂණයක් වෙන්න පුලුවන්. අනිවාර්යයෙන්ම වෛද්‍යවරයෙක් මුණගැහෙන්න මේක නිතරම දැක්කොත්.


FAQ
කක්කා කරන්න රටාවක් තියෙනවාද?
සමාන්‍ය මනුස්සයෙක්, දවසට වරක් හෝ දෙවරක් කක්කා දානවා. ඉතින් වෛද්‍යවරුන්ට අනුව නම් එහෙම රටාවක් නෑ කක්කා දාන්න. ඕන වෙලාවක කැමති විදිහට දාන්න කියලා එයාලා කියන්නේ.

කක්කා බෙට්ට නීරෝගීව තියාගන්නේ කොහොමද?
කෙදි සහිත කෑම හා වතුර වැඩියෙන් පරිභෝජනය කරන්න.

වෛද්‍ය උපදෙස් ගන්න ඕනෙද?
ඉතින් ඔයා එක දවසකට වෙනස් ජාතියේ කක්කා බෙට්ටක් දැක්කා කියලා කලබල වෙන්න එපා. ඒත් ඒක හැමදාම එහෙම නම් වෛද්‍යවරයෙක් හම්බෙන්න.



Sources - මූලාශ්‍ර 

Original Document: HealthWorks.my
Cover Image: funnytabs.co

Comments