ඇයි කූඹි පෝළිමකට ගමන් කරන්නේ?




ඔයා නිකං ඉන්න ගමන් බිත්තියක් දිහා බලද්දී, ඔයා දැකලා ඇති කූඹි සෙට් එකක් එකා පස්සේ එකා පෝලිමේ යනවා. ඉතින් එතකොට හිතිලා තියෙනවාද, උන් එහෙම යන්න හේතුව? 

ඔයාලා දන්නවනේ කූඹි ගැන්සි වල "වැඩකාර කූඹි" නැත්තම් "Worker Ants" කියලා ජාතියක් ඉන්නවා. ඒ වගේම මේ වැඩකාර කූඹියොන්ව මෙහෙයවන්න "නායක කූඹියා" කියලා පොරකුත් ඉන්නවා. ඉතින් දැන් මේ කූඹි කෑම හොයන්න එලියට යනකොට, එතන ඉන්න නායක කූඹියා කරන්නේ, රසායනික ද්‍රව්‍යයක් පාරේ හලාගෙන යනවා. මේ රසායනික ද්‍රව්‍ය තමා "ෆෙරමෝන" කියලා කියන්නේ. ඉතින් මේ අපේ වැඩකාර කූඹියෝ එතකොට කරන්නේ මේ රසායනික ද්‍රව්‍යයේ සුවද බලලා ඒ පාර දිගේ යන එක. ඉතින් මේ හින්දා තමා අපි දකින්නේ උන් පෝලිමකට යනවා වගේ.

එතකොට මෙයාලා අවශ්‍ය කෑම හොයාගෙන ඉවර වෙලා, ආයේ ගුලට යනකොට, ආයෙමත් අර ෆෙරමෝන වලින් අර නායක කූඹියා පාරක් හදනවා. එතකොට අනිත් උන් කරන්නේ ආයෙත් මේ අලුත් පාර දිගේ යන එක.


References - යොමු

Why do Ants Walk in a Straight Line?. (n.d.). Critter Control of Tampa. https://crittercontroloftampa.com/blog/why-do-ants-walk-in-a-straight-line/



Comments

Post a Comment