Kepler-452b ග්‍රහලෝකය

කෙප්ලර්-452b කියන්නේ සමහර විට පෘථිවියේ ඥාති ග්‍රහලෝකයක් වෙන්න පුළුවන්. ඒත් මේ අලුත් ලෝකයේ ජීවත් වෙන එකනම් පිටසක්වල අත්දැකීමක් ම වෙයි. මේ ග්‍රහලෝකේ තියෙන්නේ ආලෝක වර්ෂ 1,402 ක් වගේ ඈතින්. (කිලෝමීටර් වලින් කිව්වොත් මෙන්න මෙච්චරක්: 13263944000000000 km) ඒ වගේම මේක පෘථිවිය වගේ පස් ගුණයක් විතර විශාලයි. ඒනිසා ගුරුත්වාකර්ෂණයත් සැලකිය හැකි තරමකින් අධිකයි. අජටාකාශගාමියෝ කියන විදිහට මේකේ යම් සැලකිය හැකි කාලයක් අපි හිටියොත්, අධික ගුරුත්වය නිසා අපේ ඇගවල් පවා වෙනස් වෙන්න පුලුවන්.

පර්යේෂකයන් කියන විදියට නම්, මේක ශෛලමය ග්‍රහලෝකයක්. ඒ කියන්නේ ගල් වලින් හැදිලා. හරියට අපේ පෘථිවිය වගේම. ඒත් හරියටම ඔවුන් ඒක හරියටම තහවුරු කරගෙන නම් නෑ. මේ ග්‍රහලෝකයට ඝන වායුගෝලයකුත්, දියර ජලයත්, සක්‍රීය ගිනිකදුත් පවතිනවා කියලත් ඔවුන් අනුමාන කරනවා. ඒ වගේම මීට අවුරුදු බිලියන ගානකට කලින් වාසයට හිතකර වෙලා තිබුණු සිකුරු, හරිතාගාර බලපෑම නිසා අද තියෙන තත්වයට පත්වුණා වගේම සීන් එකක් මේ ග්‍රහලෝකයට වෙන්න පුලුවන් කියලා ඔවුන් තවදුරටත් අනුමාන කරනවා.

මේ ග්‍රහලෝකයේ තරුව ගැන කතා කළොත්, ඒක අපේ සූර්යයා කියන තරුවට වඩා 10 ගුණයක් ලොකුයි. ඒ වගේම 20% විතර දීප්තිමත්.

Comments