ඔයා ලෝකේ ඉන්න අන්තිම මනුස්සයා උනොත්?

වෙනදා වගේම ඔයා උදේට නැගිටලා ජනෙල් අරිනවා. හොදින් ඉර පායලා තියෙනවා. පරිසරයත් පට්ටම නිස්කලංකයි. එකපාරට ඔයාගේ ඔලුවට එනවා වෙනදාට ඇහෙන වාහන සද්ද, මිනිස් කටහඬවල් අද ඇහුණේ නෑ නේද කියලා. ඉතින් ඔයා ඒවෙලේම යනවා පාරට. මිනිස්සු කිසිම කෙනෙක් නෑ. එක වාහනයක්වත් පාරේ යන්නේ නෑ. දැන් ඔයාට තේරුම් යනවා මෙතන මොකක් හරි සීන් එකක් වෙලා තියෙනවා කියලා. ඔයා හතරවටේ දුවනවා. කිසිම කෙනක් නෑ. දැන් ඔයා හිතෙනවා ඔයා විතරයි මේ ලෝකේ මිනිහෙක්ට ඉන්නේ කියලා. පස්සේ ඔයා බලනවා මේ හීනෙකද ඉන්නේ කියලා. ඒත් බැලුවම ඔයා ඉන්නේ සිරා ලෝකේ.

ඉතින් ඊට පස්සේ ඔයා මොනා කරයිද? ඔයා තමා දැන් මේ ලෝකේ රජා. දැන් ඔයාට ඕන කාර් එකක් අරන් ඕනතරම් හයියෙන් පාරේ යන්ඩ පුළුවන්. පොලීසියත් නෑ නේ. වාහන තදබදත් නෑ. තව සුපර්මාකට් වලට පැනලා තියෙන ඕන කෑමක් කන්ඩත් පුලුවන්. ඕන ෆෝන් එකක් අරන් පාවිච්චි කරන්න පුලුවන්. සල්ලි ගෙවන්න කියලා දේකුත් නෑනේ.

හැබැයි ඒත් කාලයක්‍ යද්දි ඔය කාර් වලට එහෙම ගහන්න තෙල් හම්බෙන්නෑ. ඒම උනොත් කාර් එක නිකන් යකඩ ගොඩක් විතරයි. ඒවගේම ඔයා හිතයි දවසින් දවස ඔයාට එකේක සුපිරි ගෙවල් වල ඉන්න පුළුවන් වෙයි කියලා. ඒත් නිසි නඩත්තුවක් නැති නිසා ඒවාත් කඩන් වැටෙන්න ගනී.

ඕම ඕම කාලයක් ඉද්දී ඔයාට එපා වෙනවා. ඔයා ආයෙත් පිස්සෙක් වගේ ලෝකේ පීරලා තව මනුස්සයෙක් ඉන්නවද කියලා හොයා බලනවා. ඒත් මේ උත්සාහයෙන් මෙලෝ වැඩක් වෙන් නෑ. මොකද ඔයා විතරයී මේ ලොකේ ඉන්නේ.

දැන් ඉතින් ඔයා පිස්සු කෙලපු කාලේ ඉවරයි. ඔයාට දැන් අනාගතය ගැන හෙනට හිතන්න වෙනවා. ඔයා නොමැරි ජීවත් වෙන එක ගැන හිතන්න වෙනවා. ඔයා මේ ඉන්නේ හිස් රාජධානියක. 

ඉතින් දැන් ඔයා මුලින්ම හිතන්න ඕනේ කෑමයි වතුරයි ගැන. ඔයා කියයි ඉතින් මේවා ඇති තරම් තියෙනවානෙ කියලා. ඒත් එහෙම නෑ. මොකද මේ එළවළු පලතුරු ඉක්මන්ටම කුණුවෙන්න ගන්නවා. මොකද ඔයාට කරන්ට් එක දෙන්න විදුලි බල මණ්ඩල වැඩ කරන්නෑ. ඉතින් එතකොට ෆ්‍රිජ් වැඩකරන්නේ නෑනේ. ඉතින් මුලින්ම ඔයාට ඒ එළවළු පලතුරු කන්ඩ වෙනවා. ඔහොමත් කෑම කාලා කාලා ටික කාලෙකින්, ඔයාට වගා කරන්න ක්‍රමයකුත් හිතන්න වෙනවා. නැත්තම් ඉස්සරහට කන්න හම්බෙන්නේ නෑනේ. ඒ වගේම වතුර ගැන කතා කලොත්, ඔයාට ජීවිත කාලෙම බෝතල් කරපු වතුර බිබී ඉන්න බෑනේ. ඉතින් ඔයාට වතුර පිරිසිදු කරගෙන බොන්න ක්‍රමයකුත් හොයාගන්න වෙනවා.

දැන් එතකොට ලෙඩක් හැදුනොත් මොකද කරන්නේ? බෙහෙත් දෙන්න කවුරුත් නෑනේ. ඉතින් දැන් ඔයාට පොත් කියෝලා කියෝලා මේ බෙහෙත් ගැන ඉගෙනගන්න වෙනවා. නැත්තම් විදෝලා මැරෙන්න තමා වෙන්නේ. ඒවගේම ගොඩක් බෙහෙත් ඉක්මනින් කල් ඉකුත් වෙනවා. එතකොට ඔයාට බෙහෙත් හදන්නත් ඉගෙන ගන්න වෙයි.

ඔන්න දැන් ඔයාට තේරෙනවා ඔයා ලෝකේ අන්තිම මිනිහා කියලා ෆුල් ආතල් එකේ ඉන්ඩ බෑ. ඔයාට කෑම හදන්න, බෙහෙත් කරගන්න, දඩයම් කරන්න වගේ හුගාක් දේවල් ඉගෙනගන්ඩ වෙනවා. ඒවගේම ඔයාට මෙච්චර කල් යනකම් දෙයක් උගන්නන්නයි කියාදෙන්නයි අම්මා, තාත්තා, ගුරුවරු, යාලුවො හිටියා. හැබැයි දැන් ඔයාට මේ ගේම ගහන්ඩ වෙන්නේ තනියම. වැරදුනොත් වැරදුණා තමයි. 

ඉතින් දැන් ඔයාගේ තනිකම නැති කරගන්න මොකෝ කරන්නේ? ඒකට ඉතින් බල්ලෙක් පූසෙක් ගිරවෙක් වගේ සතෙක් ඇතිකරන්න. ගිරවෙක් ගත්තොත් නම් ඌ අපි කියන එකට මොකක් හරි මගුලක්වත් කියයිනේ.

එතකොට ඔයා කාලගුණික විපර්යාස වලට මුහුණ දෙන්නේ කොහොමද? සුනාමි, භූමිකම්පා, ගිනිකඳු පිපිරීම්, සුළි සුළං වගේ අනතුරු ගැන දැනුම් දෙන්න කවුරුත් නෑනේ. ඉතින් ඔයාට මෙතනදි ජීවතයත් මරණයත් අතර පට්ට ගේමක් ගහන්න වෙන්නේ. ඒ වගේම ඔයාට ලොකු මානසික ආතතියකින් පෙළෙන්න වෙයි.

ඉතින් තව මොනවා මොනවා වෙයිද? ඔයා ලෝකේ අන්තිම මිනිහා උනොත් මොකද කරන්නේ? මේවා ගැන ඔයාට හිතෙන දේවල් පහළින් කමෙන්ට් කරන් යන්න.


References - යොමු

Bright Side. (2019, April 15). What If You Were the Last Person on Earth [Video]. YouTube. https://www.youtube.com/watch?v=7uGAINMAiL0

Conlan, B. (2018). A fellow traveller had to have that classic jumping photo in this amazing place in the middle of the Andes [Photograph]. Unsplash. https://unsplash.com/photos/LEgwEaBVGMo


Comments