Hard Disk මඟින් ඔත්තු බලන IRATEMONK
Master Boot Record (MBR) ආදේශනය මඟින් විධායනය(execute) ලබා ගැනීම සඳහා දෘඪතැටි(hard disk) ස්ථිරාංග(firmware) යෙදීමෙන් ඩෙස්ක්ටොප් සහ ලැප්ටොප් පරිගණකවල "මෘදුකාංග යෙදුම් ස්ථාවරයක් (software application persistence)" IRATEMONK සපයයි.
ඉතින් මෙය ස්ථාවරයක් බැවින්, පරිගණකයේ ස්ථාපිත(install) වී තිබියදී පුද්ගලයකු හෝ සංවිධානයක් ඊට ප්‍රවේශ වන විට, මෙහෙයුම් පද්ධතිය (Operating System: Windows 10, macOS, Ubuntu) නැවත ස්ථාපනය (reinstall) කිරීමෙන් හෝ ප්‍රත්‍යාරම්භ (reset) කිරීමෙන් ඵලක් නැත. විශේෂයෙන්ම මෙය සැබැවින්ම ස්ථාපිත බව සොයාගැනීමට පවා අපහසුය. මේ තත්ත්ව උඩදී, ඉන් මිදීමට කළහැකි එකම දෙය වන්නේ දෘඩතැටිය විසිකර දැමීමයි. නමුත් ඔවුන් සතුව මෙසේම ස්ථිරාංගයන් මව්පුවරුවටද (motherboard) යොදා ඇත්නම්, ඉන් බේරීමට ඔබට ඔබේ මුළු පරිගණකයම විසිකිරීමට සිදුවේ.
Comments
Post a Comment