Sex ගැන තියෙන දැවෙන ප්‍රශ්න

1. පුරුෂ ලිංගයේ ප්‍රමාණය සහ කාන්තාවගේ ආතල් එක 

එක පරීක්ෂණයකදී කාන්තාවන් පිරිසකගෙන් අහනවා, එයාලාට වැදගත් දිග ඒවද නැත්තම් මහත ඒවාද කියලා. ඉතින් එතනදී 21%ක් දිග ඒවාට කැමති වගේම 32%ක් කැමති මහත ඒවාට. ඒවගේම එතනින් 1%ක් කාන්තාවෝ විතරයි ප්‍රමාණය වැදගත් කියලා හිතන්නේ. ඉතින් සාමාන්‍යයෙන් කෙලින් වෙච්ච පුරුෂ ලිංගයක් 13CM වගේ වෙනවා කියලත් මේ පරීක්ෂණයෙදි පෙන්නලා තියෙනවා. ලොකු පොඩි එක නොව ආතල් එක වැදගත් කියන එක මේකෙන් පැහැදිලි.


2. ආදරය සහ ස්වයං වින්දනය 

ඉතින් මේ තියෙන්නේ ආදර සම්බන්ධයක් තියෙද්දිත් ස්වයංවින්දනය කරන මිනිස්සු ප්‍රමාණය. 85%ක් පිරිමි සහ 45%ක් ගැහැණු ආදරය කරද්දිත් ස්වයංවින්දනය කරනවා.

පිරිමි ගොඩක් වෙලාවට ස්වයංවින්දනය කරන්නේ නව යෞවන වියේදී. එතකොට කාන්තාවෝ ගොඩක් වෙලාවට ඒක කරන්නේ 30 පැන්නම. ඉතින් මේ ස්වයංවින්දනය කරනවා කියන එක පට්ටම ස්වභාවික දෙයක් වගේම ඒකට කිසිම වයස් සීමාවක් නෑ.


3. සමලිංගික සේවනය 

1974දී මේ සමලිංගික සේවනය මානසික ව්‍යාධියක් විදියට සලකන එක නතර කරලා තියෙනවා. ඉතින් මේකත් ස්වභාවික දෙයක් කියලා එදා ඉදන් පිලිගන්නවා. ඒ වගේම අපේ ජනගහනයෙන් 3%ත් 7%ත් අතර ප්‍රමාණයක් සමලිංගිකයි කියලා කරපු සියලුම පරීක්ෂණ වලින් පෙන්වලා තියෙනවා.


4. Sex එකක් කරන්න යන වෙලාව

සාමාන්‍යයෙන් පුරුෂ ලිංගයක් ස්ත්‍රී ලිංගයකට ඇතුල් කරන අවස්ථාවේ ඉදන් ශුක්‍රාණු පිටවෙන අවස්ථාවට ගතවෙන කාලය විනාඩි 6ත් 10ත් අතර වෙනවා.එතකොට පුරුෂ ලිංගය ප්‍රාණවත් වීමේ ගැටලු තියෙන අයට මේ කාලය විනාඩි 3ක් හෝ ඊට අඩු ගාණක් යන්නේ.ඒවගේම ක්ෂණික මෝචනය තියන පුරුෂයන්ට මේ කාලේ විනාඩියක් වගේ වෙනවා. අවසාන වශයෙන් බොහෝ වාර්තා වලට අනුව sex එකක් විනාඩි 6ත් 8ත් අතර කාලයක් පවතිනවා.


5. Sex දෛනික ක්‍රියාවක්

මේ තියෙන්නේ පරීක්ෂණ වලට අනුව මිනිස්සු sex කරන වාර ගණන.

7%ක් සතියට හතරපාරක් වගේ.
34%ක් සතියට දෙතුන්පාරක් වගේ.
46%ක් මාසෙකට දෙතුන්පාරක් වගේ.
13%ක් අවුරුද්දකට දෙතුන්පාරක් වගේ.
1%ක් අවුරුද්දකටවත් කරන්නේ නෑ.


Sex කලාම තියෙන වාසි මොනවාද?

1. රුධිර පීඩනය අඩුවෙනවා.
2. ප්‍රතිශක්තිකරණ පද්ධතිය හොද වෙනවා.
3. හෘද රෝග ඇතිවීමේ අවදානම අඩු වෙනවා.
4. ආත්ම අභිමානය වැඩි වෙනවා.
5. මානසික අවපීඩනය සහ කාංසාව අඩු වෙනවා.
6. එය ක්‍ෂණික හා ස්වාභාවික වේදනා නාශකයක්.
7. වඩා හොද නින්දක් ලබන්න පුලුවන්.
8. ලිංගික සහකරුවා සමග තියෙන සමීපභාවය  වැඩි වෙනවා
9. මානසික ආතතිය අඩු/නැති කරනවා.

අවසාන වශයෙන් මතක් කරන්න තියෙන්නේ sex කරද්දී ආරක්ෂක උපක්‍රම පාවිච්චි කරන්න. වෙන විදිහකට කිව්වොත් කොන්ඩම් එකක් වගේ පාවිච්චි කරන්න. ඒවගේම මේකෙන් ලැබෙන විශේෂම අමතර වාසියක් තමා ලිංගාශ්‍රිත රෝග බෝවීමේ අවදානම බොහෝ දුරට අඩුකරන්න පුළුවන්. ඉතින් සල්ලි සල්ලි කියලා බලන් නැතුව කොන්ඩම් එකක් අරන් වැඩේ කරලා, අන්තිමට ඒක හරි විදියට බැහැර කරන්න.

Sources - මූලාශ්‍ර 
Cover image: medicalnewstoday.com

Comments