බොහෝ දෙනෙකුට පෙනෙන සිහින හා ඒවායේ තේරුම් කිහිපයක්


1.දත් කඩාවැටීම.

මේ කියන ගොඩක් අයට පේන දත් කඩාවැටීමේ හීන ගොන්නට, වැටුණු දතක් ඔබේ අතේ තිබීම, සුළු ස්පර්ශයකින් දත් සේරම එකින් එකට කටින් වැටීම හා දත් නරක් වී තිබීම වගේ දේවල් අයිති වෙනවා. මෙවැනි හීන සමහරවිට ඔබේ සිතේ, ඔබේ රූපය ගැන ඇති ඍණාත්මක හැගීම හා අනිත් මිනිසුන් ඔබ දිහා බලන ආකාරය ගැන පෙන්වන්නක් විය හැකියි. සාමාන්‍යයෙන්, බය, ප්‍රතික්ෂේප වීම, තමා ආකර්ෂණීය නොවන සේ දැනීම මේ හීන වල මූලයයි. 

තවත් අතකින් ගත්තොත්, මේ හීන සන්නිවේදනයටද අදාළ වන්න පුළුවන්. මොකද ඔබට දත් නැත්තම් කතා කරන්න බැරි නිසා. ඒනිසා සමහරවිට ඔයාගේ හීනෙන් ඔයාට තවත් කෙනෙක් එක්ක කතාකිරීමේ අපහසුතාවක් වෙන්න පුලුවන්. තවද මේක තමන්ට හයියක් නෑ වගේ දේකට අදාළ වන්න පුළුවන්. මොකද කෑම හපන්න, මස් ඉරන්න වගේ දේවල් වලටත් දත් පාවිච්චි කරනවා. එතකොට ඒකෙන් කියැවෙන්නේ ආත්මවිශ්වාසය මදිකම හෝ සමහර විටෙක යම් තරමක පෞද්ගලිකවයක් ඕන වුණ විට.


2.යමකින් පලායාම.

යම් දෙයකින් හෝ කෙනෙකුගෙන් පළායාම සිහිනෙන් දැකීමෙන් අදහස් වෙන්නේ, ඇත්ත ජීවිතේදී යමක් නිසා බය වෙලා හෝ සාංකාවක් ඇතිකරගෙන. ඔබ මේ පලායාමේ ක්‍රියාවෙන් කියවෙන්නේ, ඔබ එදිනෙදා මානසික පීඩනයට ප්‍රතිචාර දක්වමින්, මානසික ආතතිය හෝ බිය සමඟ කටයුතු කරන ආකාරයයි. එයින් අගවන්නේ, ඔබ ප්‍රශ්න විසඳා ගැනීමට වඩා ප්‍රශ්න වලින් පලා යාමට වැඩි කැමැත්තක් දක්වන බව. ඔබ මෙම ප්‍රශ්න සොයාගෙන ඔබේ සැබෑ ජීවිතය තුළ එය විසඳනකන් මේ හීනය නැවත නැවතත් පේන්න පුලුවන්.


3.වැසිකිළියක් හොයාගන්න අපහසුවීම.

ඔබට හදිස්සියකදි වැසිකිළියක්(ලැට් එකක්) හොයාගන්න බැරිවීමෙන් ඇගවෙන්නේ, සැබෑ ජිවිතේදී ඔබේ යම් යම් අවශ්‍යතා ප්‍රකාශ කරන්න ඔබ අසමත් වීමක් වගේ දෙයක්. එවිට ඔබට හැගෙන්න පුලුවන්, ඔබ අන් අයට මුල් තැන දෙන විට, ඔබට ඔබේ පෞද්ගලික ප්‍රශ්න වලට වෙලාවක් නැති බව.


4.නිරුවත්ව සිටීම.

පොදු ස්ථානයක නිරුවත්ව(හෙලුවෙන්) සිටීමෙන් ඇගවෙන්නේ, ඔබ ඔබවම හදුනා ගැනීමට වෙහෙසීම හෝ ඔබට එරෙහිව වැරදි ලෙස චෝදනා ඇති බව. ඔබ හීනයේ නිරුවත් නොවී වෙනත් අයෙක් නිරුවත් වී ඇත්නම්, එයින් ඇගවෙන්නේ යම් ගැටලුවක් සම්බන්ධයෙන් එම පුද්ගලයා ගැන ඔබ කනස්සල්ලට පත්ව සිටින බවයි.

5.විභාගයකට සූදානම් නොවී සිටීම.

මේවාගේ හීන ගොඩක්ම පෙනෙන්නේ, යම් මානසික ආතතියකින් පෙළෙන තරුණ වැඩිහිටියන්ට හා ළමයින්ට. මේවා නැගිටලත් යම් වෙලාවක් යනකම්, මේක සැබෑවක් වගේ දැනෙනවා. මේවගේ විභාග හීන කියන්නේ ඔබේ විශ්වාසය නොමැතිකම හා ජීවිතයේ ඊළඟ අදියරක් කරා යාමට ඇති නොහැකියාව ගැන. පුදුම හිතෙන දේ තමා, අවම වශයෙන් මිනිස්සු පස්දෙනෙකුගෙන් එක් අයෙකුවත් ඔවුන්ගේ ජීවිතයේ මේ වගේ විභාග හීනයක් දැකලා තියනවා.


6.පියෑඹීම.

මේ වගේ ඔබ පියාඹන පුලුවන් හීන එකේක විදිහට අර්ථකථනය කරන්න පුලුවන්. ඔබේ හීනේදී පියාඹන්න අමාරු වීමෙන් ඇගවෙන්නේ, යමෙකු (හෝ යමක්) ඔබේ ජීවිතයේ ඊළඟ පියවරකට යාමෙන් ඔබව වළක්වන බවයි. තවද ඔබට පියාසර කිරීමට නොහැකිම නම්, එයින් ඇඟවෙන්නේ ඔබ ඔබම හදාගත්ත ඉලක්ක ජය ගැනීමට ඔබ වෙර දරන බවයි. ඒ වගේම, තනිව සිටීම සහ පියාසර කිරීමට වෙහෙස වීමෙන් අදහස් වන්නේ ඔබට ඔබ තුළ විශ්වාසයක් නොමැති බව.


7. වැටීම.

ඔබේ හීනයේදී වැටෙන විටකදී බයකින් තොරවීම මගින් ඇඟවෙන්නේ, යම් තත්වයක් පිළිබඳ අනාරක්ෂිතබව සහ කාංසාවයි. ඔබ මේ හීනේදී ඉතා සතුටින් බිමට වැටෙනවා නම් (skydiving වගේ), එයින් ඇඟවෙන්නේ ඔබ වෙනස්කම් වලට බිය නොවන බවත්, ඒවායේ අලංකාරය අත්දැකීමටද සූදානම් බවත්ය. ඒ හීනේදී වතුර දුටුවොත්, ඉන් ඇගවෙන්නේ ඔබට යමෙකු කෙරෙහි යම්කිසි දැඩි හැඟීමක් ඇති බවයි.


Comments