වගා කරලා කන්න පුළුවන් මස්
වගා කරලා කන්න පුලුවන් මස් කියන්නේ, සත්තු මරලා කනවා වෙනුවට, ජීවී හෝ ස්වාභාවික පසුබිමක් තුළ නොවන, පාලනයේ පවතින පර්යේෂණාත්මක පරිසරයක සත්ව සෛල වගා කරන එක (vitro cell culture). මේක සෛලීය කෘෂිකර්මාන්තයේ එක ආකාරයක්.
2013දී මාස්ට්‍රික්ට් විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයෙකු වන මාක් පෝස්ට් (Mark Post) මහත්මයා තමා සෛල වගාවෙන් නිර්මාණය කළ පළමු බර්ගර් පෙත්ත නිර්මාණය කලේ.
මස් වගාවේදී, ජාන ඇතුළත් කිරීම (insertion), මකා දැමීම (deletion), නිශ්ශබ්ද කිරීම (silencing), සක්‍රීය කිරීම (activation) හෝ විකෘති කිරීම (mutation) වගේ ජාන ඉංජිනේරු ක්‍රම අවශ්‍ය වෙන්නේ නෑ. මේකේදි කරන්නේ සාමාන්‍යයෙන් සත්වයෙකු තුළ සිදුවන ජීව විද්‍යාත්මක ක්‍රියාවලීන් සත්වයා නොමැතිව සිදුවීමට ඉඩ සලසන එක.
2019 දී තමා පළවෙනි පාරට අභ්‍යවකාශයේදී මේ වගේ මස් සාර්ථකව වගා කරලා තියෙන්නේ. ඒ තමා පෘථිවියට සැතපුම් 248 ක් (කි.මී. 399) දුරින් තියෙන ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය ඇතුලේ.
ගොඩක් වාර්තා වල සදහන් වෙන විදිහට 2040 වෙද්දි අපි මස් කියලා කන්නේ බොහෝ දුරට මැරිච්ච සත්තුන්ගේ මස් නෙවේ.
References - යොමු
Carrington, D. (2020, December 2). No-kill, lab-grown meat to go on sale for first time. The Guardian. https://www.theguardian.com/environment/2020/dec/02/no-kill-lab-grown-meat-to-go-on-sale-for-first-time
Cultured meat. (2020, August 26). In Wikipedia. https://en.m.wikipedia.org/wiki/Cultured_meat
Photo Credit: www.foodunfolded.com

Comments
Post a Comment