මරණය සහ මරණාසන්න අත්දැකීම

නිව් යෝර්ක්හි NYU Langone වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය සෑම් පාර්නියා මහතාට අනුව මියයෑම කියන්නේ හෙන ආතල් අත්දැකීමක්. ඒ වගේම ඒ මහතා කියනවා, මරණාසන්න අත්දැකීම් ලබපු සමහර මිනිස්සුන්ට මියගිය ඥාතීන් එහෙමත් මුණ ගැහිලා තියෙනවාලු. ඒත් එතුමා තරයේ කියා සිටිනවා මේක කොහෙත්ම මරණින් මතු ජීවිතයකට අදාළ දෙයක් නෙවේ කියලා. තවද මෙතුමා කියනවා මේ මරණය කියන්නෙත් එක්තරා ක්‍රියාවලියක් වන අතර ඒක කළු සහ සුදු මොහොතක් නොවෙනවලු.

ඒ වගේම එතුමා තව කියනවා, අපි මිය යාමට ආසන්න වෙන කොට අපේ මොළය තුළට ඔක්සිජන් අඩුවීමක් සිදුවෙලා අපේ මොළයේ පරිපථ ක්‍රියා විරහිත වෙලා බාහිර ලෝකයට අවිඥානික වීම තමා අවසාන ප්‍රතිඵලය.

හදවත නැවතුණාම, මොළයට, වකුගඩුවලට හා අක්මාවට ලේ ගලා නොයන නිසා සියළුම ජීවන ක්‍රියාවලීන් නවතිනවා. එතකොට අපේ සිරුරට පණ නෑ වගේම කිසිම හෙලවීමකුත් නෑ. මේ සිදුවීමට තමා වෛද්‍යවරු මරණය කියලා හදුන්වන්නේ.

නමුත් මෙතුමා කියන විදිහට මෙතන මානසික ක්‍රියාවලියක් තියෙනවා. මොකද මේ මරණාසන්න අත්දැකීම් ලබපු පුද්ගලයෝ, ආයෙමත් මැරෙන්න තමා වැඩි කැමැත්තක් දක්වන්නේ.

අවසාන වශෙයෙන් මෙතුමාගේ මතයට අනුව, අපි මැරෙනකොට ඒ අත්දැකීම අතිමහත් බහුතරයකට අප්‍රිය සහගත අත්දැකීමක් නම් නෙමෙයි. ස්වභාවිකව මැරෙන අපිට, මැරෙන්න කලින් මොකක්හරි වේදනාවකින් හිටියත්, මරණ ක්‍රියාවලිය හෙන ආතල් වගේම පට්ටම සතුටුදායක හා සාමකාමී අත්දැකීමක්.

ගොඩක් මරණාසන්න අත්දැකීම් ලබපු මිනිස්සු කියන කතාවක් තමා එයාලා වෙතට ඉතා දීප්තිමත් සහ උණුසුම් ආලෝක ධාරාවක් එනවා වගේලු. හරියට අර ප්‍රසංග වලදි කාවහරි පිළිගන්න යොදන ආලෝකය වගේ. 

ඒ වගේම මේ ආලෝකයත් එක්ක එයාලාට දැනෙන්නේ එයාලාගෙ මියගිය ඥාතීන් එයාලාව පිලිගන්නවා වගේ. ඉතින් ඒ නිසා තමා මේ මරණාසන්න අත්දැකීම් ලබන මිනිස්සුන්ට ආයෙත් ජීවිතයට එන්න ඕනේ නැත්තේ. 

අවසාන වශෙයෙන් කියන්න තියෙන්නේ, මේ වගේ මරණාසන්න අත්දැකීම් ලබාගන්න හිතලා, සියදිවි හානි කරගන්න තරම් නං ගොබ්බයෙක් වෙන්න එපා. හැබැයි මේ මරණාසන්න අත්දැකීම හා සමාන අත්දැකීම් ඔයාට විවිධ භාවනා ක්‍රමවලින් ලබාගන්න පුලුවන්. ඉතින් ඕන නම් භාවනාවක් පුරුදු වෙන්න.


References - යොමු

Martin, S. (2021, July 19). Life after death: Scientist explains what actually happens when you die. Express. https://www.express.co.uk/news/science/880461/Life-after-death-what-happens-when-you-die-sam-parnia-afterlife



Comments