Ubuntu Linux මෙහෙයුම් පද්ධතිය

හුගක් කට්ටිය අතර තියෙන මතයක් තමා මේ ලිනක්ස් පාදක මෙහෙයුම් පද්ධති තියෙන්නේ මෘදුකාංග ඉංජිනේරුවෝ හෝ හැකර්වරුන්ට කියලා. ඒත් ඒක මිත්‍යාවක්. පරිගණක ගැන සාමාන්‍ය දැනුමක් තියෙන ඕනම කෙනෙක්ට ඒක Windows මෙහෙයුම් පද්ධති වගේම පාවිච්චි කරන්න පුලුවන්.

ඒ වගේම, අවුරුදු ගානක් තිස්සේ Canonical ආයතනය විසින් මේකේ පරිශීලක අතුරුමුහුණත(UI) හොදට වර්ධනය කරලා තියෙනවා. ඒ වගේම අපිට Gnome Tweak Tool වගේ මෘදුකාංග පාවිච්චි කරලා මේක තව තවත් ඕන ඕන විදිහකට හැඩකරන්න (customize) පුළුවන්. 

මේකේ විශේෂ වාසිය තමා Canonical ආයතනය විසින් මේක අපිට ලබාදෙන්නේ සම්පූර්ණයෙන්ම නොමිලේ සහ කේත විවෘතව. ඒ වගේම ඒක ගොඩක් ලිනක්ස් වල දකින්න ලැබෙන විශේෂත්වයක්. ඔයාට මේක ubuntu.com වෙබ් අඩවියෙන් ලේසියෙන්ම Download කරගන්න පුළුවන්. ඊට පස්සේ rufus වගේ මෘදුකාංගයකින් USB එකකට Flash කරන්න පුලුවන්. නැත්තම් CD එකක් භාවිතා කරලා Burn කරගන්නත් පුළුවන්. ඊට පස්සේ පරිගණකයේ Boot Key එකෙන් USB හෝ CD එක Boot කරලා පහසුවෙන්ම ඔයාගේ පරිගණකයට ස්ථාපනය කරන්න පුලුවන්.

Ubuntu ස්ථාපනය කරාට පස්සේ ඔයාට අවශ්‍ය වෙන ගොඩක් මෘදුකාංග ඒකේ තියෙන Software Center එකේ තියෙනවා නොමිලේම ගන්න. ඒ වගේම Command Line අතුරුමුහුණතට ආස අයට ස්ථාපන විධානය ගහලා එහෙම ගන්නත් පුලුවන්.

Windows මෙහෙයුම් පද්ධති පාවිච්චි කරන අයට තියෙන ලොකුම ප්‍රශ්නේ තමා Virus කියන්නේ. හැබැයි ලිනක්ස් මෙහෙයුම් පද්ධති වලට ආවම මේවායේ බලපෑමක් නැති තරම්. (නැත්තෙම නැත්තේ නෑ.) ඉතින් ලිනක්ස් මෙහෙයුම් පද්ධතිවලට Anti-virus මෘදුකාංග බොහෝ දුරට අවශ්‍ය නෑ. ඒ නිසා ඒවට යන වියදම පවා ඉතිරියි.

ලිනක්ස් වලදී ඔයාට ලැබෙන තවත් විශේෂ වාසියක් තමා කැමති Desktop Environment එකක් පාවිච්චි කරන්න පුලුවන් වීම. ඉතින් මේ Ubuntu වලත් එහෙම ඒවා ගණනාවක් තියෙනවා.
Lubuntu, Xubuntu - අඩු පරිගණක බලයක් තියෙන පරිගණක වලට
Ubuntu GNOME, MATE - සාමාන්‍ය හා සුපිරිම පරිගණක වලට
Edubuntu - අධ්‍යාපන කටයුතුවලට

Ubuntu ස්ථාපනය කරන්න අවශ්‍ය සුදුසුකම් තමා මේවා,
2 GHz dual core processor එකක්
4 GB RAM එකක්
25 GB වගේ ඉඩ තියෙන Hard Disk එකක්
ඒත් මේ සුදුසුකම් මීට වඩා පොඩ්ඩක් අඩු වුණා කියලා ලොකු බලපෑමක් වෙන්නේ නෑ.



References - යොමු

Verma, A. (2018, April 6). 10 Reasons To Use Ubuntu Linux. FOSSBYTES. https://fossbytes.com/reasons-to-use-ubuntu-linux-advantage/

Wallpaper Safari. (2018, January 3). Ubuntu 3D Logos Wallpapers HD Top HD Wallpapers [Photograph]. Wallpaper Safari. https://wallpapersafari.com/w/mnBedW

Ubuntu. (2021, July 27). In Wikipedia. https://en.wikipedia.org/wiki/Ubuntu


Comments