ළදරුවෙකුගේ දිවි ගැලවූ, ලොව කුඩාම කෘතීම හදවත


ලොව කුඩාතම හදවත ලෙස සැලකෙන මෙම කුඩා ටයිටේනියම් වලින් නිපදවූ පොම්පය, ස්කන්ධයෙන් ග්‍රෑම් 11 පමණ වන අතර, එය මාරාන්තික රෝගයකින් පෙළෙන ළදරුවෙකුගේ ජීවිත‍ය බේරාගැනීමට සමත් වෙනවා. මෙහිදී සැත්කම කරන ලද ඉතාලියානු වෛද්‍යවරුන් පවසන ආකාරයට, එයට හදවත් දායකයෙක් හමුවන තුරු ළදරුවාව ජීවමානව තබාගැනීමට හැකිවෙලා තියෙනවා.

මෙතරම් කුඩා හදවතක් මිනිසෙකු බද්ධ කල ප්‍රථම වතාව ලෙස සැලකෙන්නේ මෙයයි. මේ දරුවා හෘද පේශි දියවී රුධිරය පොම්ප කිරීමේ හැකියාව නවතා ලන dilated myocardiopathy නම් රෝගයකින් පෙළී තිබෙන්නේ. එවිට මේ ළදරුවා දින 13ක් පුරාවට සත්‍ය හදවතක් බද්ධ කරන තෙක් දිවි ගලවා ගත්තේ මෙම කෘතීම හදවතිනි. වෛද්‍යවරුන් පවසන ආකාරයට සැත්කමින් මසකට පසුවද ළදරුවා ඉතාමත් නිරෝගීව සිටීහ.

එමෙන්ම මෙම උපකරණය ඇමරිකානු වෛද්‍යවරයකු වන රොබට් ජාවික් ගේ නව සොයාගැනීමක් වන අතර එය පෙරදී පරීක්ෂා කර තිබී ඇත්තේ වෙනත් සතුන් සදහා පමණි. එමනිසා මෙම රෝහලට වෛද්‍ය ජාවික්ගෙන් හා ඉතාලියානු සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විශේෂ අවසරයක් ගැනීමටද සිදුවී තියෙනවා. ඉතින් මෙම වෛද්‍යවරුන් පවසන ආකාරයට, අනාගතයේ දී කෘතීම හෘද බද්ධය ස්ථාවර විකල්පයක් වනු නොඅනුමානය.

Comments