චර්නොබිල් න්‍යෂ්ටික බලාගාරයේ සිදු වූ මහා ව්‍යසනය

1986 වසරේ අප්‍රේල් මස යුක්‍රේනයේ පිහිටි චර්නොබිල් න්‍යෂ්ටික බලාගාරයේ සිදු වූ මහා ව්‍යසනය, දෝෂිත සෝවියට් ප්‍රතික්‍රියාකාරක නිමැවුමක් හා බලාගාර මෙහෙයවන්නන් විසින් කරන ලද දරුණු වැරැද්දක ප්‍රතිඵලයක් වුණා. 


ව්‍යසනයේ ස්වභාවය...

අප්‍රේල් 26 අළුයම 01:23 ට සිදු වූ විදුලි ඇනහිටීමකදී, හදිසි ජල සිසිලන පද්ධතියක් ක්‍රියාත්මක වේදැයි පරීක්ෂා කිරීමට ක්‍රියා පටිපාටියක් සිදු විය. 

මෙහිදී එක් මොහොතකින්, පාලනයකින් තොර වූ ප්‍රතික්‍රියාවක් මගින් "ප්‍රතික්‍රියාකාරක අංක 4" හි වාෂ්ප ආකාරයට පීඩනය වැඩි විය. එනිසා වාෂ්ප, ප්‍රතික්‍රියාකාරකයේ වහලය පුපුරුවා හැර, දුමාකාර විකිරණ සහ දැවෙන විකිරණශීලී සුන්බුන් කැබලි පිටතට මුදා හැරියා.

තත්පර දෙකතුනකට පමණ පසු, සිදු වූ දෙවන පිපිරීමකින්, ඉතිරිව තිබූ අමතර ඉන්ධන දහනය විය. එමෙන්ම "ප්‍රතික්‍රියාකාරක අංක 3" හි වහලයේ ගින්නක්ද ඇති විය. සාමාන්‍යයෙන් ක්‍රියාත්මක වීමට තිබෙන ස්වයංක්‍රීය ආරක්ෂණ පද්ධතිද මේ අවස්ථාවේදී එසේ නොවුයේ, පරීක්ෂණයට පෙර ඒවා වසා දමා තිබූ නිසාය.


ව්‍යසනයෙන් පසු...

අනතුරෙන් පිටවූ අධි විකිරණ නිසා, මාස තුනක් ඇතුලත කම්කරුවන් 30 දෙනෙකුත්, ගිනි නිවන සෙබලෙකුත් ජීවිතක්ෂයට පත් වුණා. මාස තුනකින් පසුවද තව තවත් මරණ වාර්තා වුණා. අනතුර සිදුවූ කාලයේදී, තුවාල සිදුවීම හේතුවෙන් එක් පුද්ගලයකු එතනම මිය ගිය අතර තවත් පුද්ගලයකු රෝහලේදීම මිය ගියා. එවිටම තවත් පුද්ගලයකු coronary thrombosis නිසා ජීවිතක්ෂයට පත්වූ බව වාර්තා වෙනවා.

උග්‍ර විකිරණ සහලක්ෂණය (ARS) මුලින් පුද්ගලයින් 237 දෙනෙකුගෙන් හඳුනාගෙන ඇති අතර ඔවුන් බලාගාර අඩවිය තුල සිටි අය පිරිසිදු කිරීම් කටයුතු වල නියැලුණු අය විය. කෙසේවෙතත් පසුව එය රෝගීන් 134 දෙනෙකුගෙන් තහවුරු විය. ඔවුන්ගෙන් 28 දෙනෙකු අනතුරෙන් සති කිහිපයක් ඇතුළත ARS හේතුවෙන් මිය ගියා. 1987 සිට 2004 දක්වා කාලය තුළ තවත් කම්කරුවන් 19 දෙනෙකු මිය ගිය නමුත්, ඔවුන්ගේ මරණ විකිරණ නිරාවරණය නිසාම සිදුවූවන් බව කීමට අපහසුයි.

බලාගාර අඩවියෙන් පිට සිටි කිසිවකු උග්‍ර විකිරණ බලපෑම් වලින් පෙළුණේ නැත. තවද එරට තයිරොයිඩ් ග්‍රන්ථි පිළිකා වලින් සැලකිය හැකි (නමුත් අවිනිශ්චිත) කොටසක්ම හඳුනාගනු ලැබුවේ, එකල කුඩා දරුවන් වී සිටි රෝගීන් වෙතට, විකිරණශීලී අයඩින් කඩාවැටීම නිසා විය හැකි බව වාර්තා වෙනවා.

කෙසේවෙතත් චර්නොබිල් න්‍යෂ්ටික ව්‍යසනය අද්විතීය සිදුවීමක් වූ අතර එය විකිරණ සම්බන්ධ මාරාන්තික සිදුවීම් සිදු වූ, වාණිජ න්‍යෂ්ටික බල ඉතිහාසයේ එකම අනතුර විය.

Comments