ක්වොන්ටම් ස්පර්ශය

ඔබ දැන් මේක කියවනවනම්, ඔබ අනිවාර්යයෙන්ම යමක් ස්පර්ශ කරගෙන ඇති. ඒක ඔබගේ දුරකථනය, පරිගණකය, පුටුව හෝ සුපිරි ඇඳක් වෙන්න පුළුවන්. අවශ්‍ය නෑ ඔබගේ මිත්‍යාවක් කුඩුපට්ටම් කරන්න. නමුත් ඔබ සත්‍ය වශයෙන්ම කිසිමදෙයක් ස්පර්ශ කරන්නේ නෑ. 

පරමාණු මට්ටමේදී සලකන ආකාරයකට ඔබ ඒක ඇත්තටම ස්පර්ශ කරන්නේ නෑ. එවිට ස්පර්ශයක් යනු ඉලෙක්ට්‍රෝනයන් වල ප්‍රතික්‍රියා බලයක් හැරෙන්න අන් කිසිවක් නොවේ. යම්කිසි දේවල් දෙකක් සම්බන්ධ වන විට, ඒවායේ සමාරෝපණ හේතුවෙන් එක් වස්තුවක ඇති ඉලෙක්ට්‍රෝන අනෙක් වස්තුවේ ඇති ඉලෙක්ට්‍රෝන විකර්ෂණය කරනවා.

ඔබ යමක් ස්පර්ශ කරන අවස්ථාවකදී, ඔබට නිශ්චිතවම දැනෙන්නේ එහි ප්‍රතික්‍රියා බලයයි. ඔබ යොදන සෑම ස්පර්ශයකටම එදිරිව ඒ හා සමානම ප්‍රතික්‍රියාවක් ඔබට දැනේ.

ඉන් කියැවෙන්නේ, ඔබ පුටුවක හිද සිටින විටද, ඔබේ පිටුපස(පුක) සැබවින්ම ඇත්තේ වාතයේ එක් තැනක (චුට්ටක් විතර) රැදී ය. මෙලෙස ඔබට සත්‍යාකාරයෙන් දැනෙන ඒ ස්පර්ශයද ‍ මිත්‍යාවකි. යථාර්ථයද විටෙක දුක්ඛදායක බව මෙය කියවූ සමහරුන්ට මනාවබෝධ වන්න ඇති ;-)

Comments