අතීතයට කාලතරණයේදී හමුවන බූට්ස්ට්‍රැප් විරුද්ධාභාසය

හිතන්න, එක් දිනෙක ඔයාට අහිරහස් පාර්සලයක් ලැබෙනවා කියලා. ඒත් ඔයාට කිසිම හෝඩුවාවක් නෑ කවුද, මොකටද මේක එව්වේ කියන එක ගැන. ඉතින් ඔයා කුතුහලයෙන් වගේ පාර්සලය ඇරලා බලනකොට ඒකේ තියෙනවා පොතක්. ඒකේ නම "කාල යන්ත්‍රයක් නිපදවන ආකාරය". ඔයා මුලින්ම ඒක කියවද්දී ඒක විහිලුවක් කියලා හිතනවා. ඒත් පස්සෙ පස්සෙ ඔයා ඒක සම්පුර්ණයෙන් කියවද්දී තේරුම්යනවා, මේකේ මොකක්මහරි ඇත්තක් තියෙනවා කියලා. ඊට පස්සේ පොතේ තිබ්බා වගේ ඔයා යනවා කාල යන්ත්‍රය හදන්න ඕන දේවල් හොයන්න. ඒකට කොහොමහරි හුගාක් කල් ගතවුණා. නමුත් අවුරුදු 3කට පස්සේ ඔයා කොහොමහරි වැඩකරන කාල යන්ත්‍රයක් හදනවා. ඒත් ගත වුණු කාලය පුරාවටම, ඔයා හිතුවේ නෑ "කොහෙන්ද මේ පොත ආවේ", "ඇයි ඔයාට ඒක ආවේ" යන දේවල්. හැබැයි, දැන් එකපාරටම ඔයාට එහෙම හිතුණා. ඉතින් ඔයා පොතත් අරන් අර කාල යන්ත්‍රයට පනිනවා. ඊටපස්සේ ඔයා අවුරුදු 3ක් පස්සට ඇවිත්, ඔයාගෙම තරුණ කෙනාට, ඔයා, ඔයා විසින් ඔයාටම අර පොත දුන්නා කියලා දැනගන්න අරිනවා. දැන් තමා ආතල්ම කෑල්ල ;)

සිද්ධිය ඔහොම්මම සිද්ධ වුණානම්, එතකොට මොකද්ද මේ පොතේ සත්‍යාරම්භය? අවුරුදු 3කට කළින්, ඔයා ඔයාගේම අනාගත කෙනාගෙන් මේ පොත ලබාගත්තා. නමුත් දැන් ඔයා ඔයාගේ අතීත කෙනාට පොත දුන්නා. ඉතින්, මොකක්ද ආරම්භය? මේ විරුද්ධාභාසය තමා විද්‍යාවේදී බූට්ස්ට්‍රැප් විරුද්ධාභාසය කියලා හදුන්වන්නේ. මෙවැනි තව විරුද්ධාභාසයන් අතීත කාල තරණයට එරෙහිව පවතින නිසා, කාලය හරහා අතීතයට යෑම සිදුකළ නොහැකි දෙයක් බවයි බොහෝ විද්‍යාඥයින්ගේ මතය.

Comments