ශ්‍රී ලංකාවේ වීදි සුනඛයන්

ආදරය ලැබෙනවා නම් උඹයි ,මායි හැමෝම කැමතියි.නමුත් ආදරය හැමෝටම ලැබෙනවාද? මේ කියන්න යන්නේ උඹලා හිතන විදියේ ආදරයක් ගැන නම් නෙවෙයි...ලෝකේ මවලා තියෙන තැන ඉදන්ම අසාධාරණය පිරිලා කියලා මන් කිව්වොත් උඹලා පිළිගන්නවාද? මන් කියන්න යන මාතෘකාව පදනම් වෙන්නේ පාරවල් වල ඉන්න අසරණ සත්තු වෙනුවෙන්. ගෙවල් වල සැපට කන්න බොන්න දීලා හදන Dachshund,Rottweiler වගේ වර්ගයේ සුනඛ යින් ගැන අපි දන්නවා. තවත් පැත්තකින් උඹ ලන්කාව වගේ රටක ජීවත් වෙනවා නම්,පාරවල් වල තුවාල කරගෙන මිනිස්සුන්ගෙන් ගුටි කකා ජීවත් වෙන , උඹලාගේ ව්‍යවහාරයෙන් කිව්වොත් වල් බල්ලෝ ගැන. තුවාල වෙලා ගද ගහන ,නාවන්න කෙනෙක් නැතුව කටුවාකාලා විදවන, වතුර ටිකක්වත් නැතුව බදගින්නේ ඉන්න , මේ වගේ සතෙක් දැක්කොත් ගොඩක් එවුන් කරන්නේ ගඩොල් බාගයක් ඌට කෙලලා අරින එක. ඒක ''මිනිස්සු'' කියලා හදුන්වාගන්න තිරිසන්නුන්ගේ හෙනම ආතල් එකක්. ෞඋ වේදනාවෙන් කෙදිරිගාන එක ඇගෙද්දිත් ඒ හිත් උණු වුන් නෑ. ගෙදරක විසි කරලා තියෙන බත් ටිකක් පිළිකන්නට ආවාමත් ගහලා එලවලා කියන්නේ ''මොන පව් කාරයෝද මුන් ,මැරිලවත් යන් නෑ" කියලා. හිතලා බලහන් උඹේ අම්මා,තත්තා,ගෑණි,මිනිහා, ලමයි නැතුව උඹ අසනීප වෙලා,එක තැන් වෙලා, තුවාල ඇවිත් ගද ගහා ගහා ඉන්නකොට අනිත් වුන් උඹට පව් කාරයා මැරිලා යන් නෑ කිව්වා නම්? ගොඩක් සත්තු තුවාල වුනාම හැන්ගෙන්න තැනක් හොයන් ගෙවල් ඇතුලට එන්න හදන්නේ සමහරු ඉන්නවා ඒ වගේ සතෙක් ගෙදරට රින්ගන්න ආවොත් ඇගට උණු වතුර හලනවා. දැන් උඹ කියයි උන්ගේ විෂ බීජ. අපිට ලෙඩ හැදෙනවා කියලා. ඔව් ඒක ඇත්ත.. මන් උබලාට කියන් නෑ ඌව ගෙට ගන්නවත් උගේ ලගට ගිහින් ඌව හුරතල් කරන්න කියලවත්. උඹ නහය කට ආවරණය කරගෙන ආරක්ෂිතව ගිහින් උගේ ලගින් කෑම එකකු‍යි ,වතුර එකකුයි තියලා බලහන්. කෑම වෙනුවට ගුටි කකා හිටපු එකාගෙ ඇස් වල තියෙන හැගීම උඹ දැක්කොත් උඹ ආයේ කවදාවත් සතෙක්ට අතක් උස්සන් නෑ. උඹට මේ විකාර කරන්න බැරි නම් ,අඩුම තරමේ හින්සා නොකර ඉදපන්.උඹලගේ ගෙදරට ආවොත් ගහන්න වතුර දාන්න යන්නේ නැතුව,එලවපන්.මේකේ බල්ලෝ ගැන් විතරක් කිව්වාට අනෙක් සත්තුන්ටත් මේ විදියට ආදරේ කරපම්. මේක share කරන්න. අපිට promote වෙන්න නෙවේ. සත්තුනට ආදරේ එවුන් නම් මේක කියවන්න ඕන නෑ. නමුත් එක් මිනිසෙකුගේ හදවතක් හරි මේක කියවලා සත්තු වෙනුවෙන් ආදරයක් ,කරුණාවක් ඇති කරගත්තොත් ඒ පින උබට හිමි වෙයි.

Comments