What is a Custom Rom & How to install...?
මේක තමා අලුත් අප්ඩේට් එන්නැති ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් වලට,
අලුත්ම ඇන්ඩ්‍රොයිඩ් සිස්ටම් එකක් දාගන්න පුලුවන් වෙන විදිහ...
මෙහෙම Roms හැම ෆෝන් එකකටම නැහැ...,
ෆෝන් වලින් 95% කට විතර තමා තියෙන්නේ...
මේක ඔයාට ඔයාගේ ෆෝන් එකේ Model Number එක ගහලා ලේසියෙන්ම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්...
(e.g:-custom rom for SM-G611F)
මේවා ඩවුන්ලෝඩ් කරගන්න XDA Developers කියන සයිට් එකට යනවනම් වඩාත් හොදයි...
මේකෙදි හරියටම ඔයාගේ Model Number එකට අදාල එක විතරක් ඩවුන්ලෝඩ් කරගන්න මතක තියාගන්න...
මෙහෙම Custom Roms වල සමහරවිට පොඩි පොඩි Bugs(errors) තියෙන්නත් පුලුවන්...එහෙම තියෙන errors ඒ සයිට් එකේ යටින් දාලා ඇති...
මෙහෙම Custom Rom ගහන කොට ඔයාගේ ෆෝන් එක reset වෙනවා...ඒ නිසා ඔයාගේ වටින ෆයිල් මෙමරි කාඩ් එකකට හරි දාගන්න වෙනවා...
දැන් අපි මේ රොම් එක ගහන්න අපි කලින් රූට් කරන්න පාවිච්චි කරපු Custom Recovery (TWRP) එක ඕන වෙනවා...මේ recovery එක install කරගෙන නැත්තම් Android ROOT කියන පෝස්ට් එක බලලා install කරගන්න...
Custom ROM එකක් install කරගන්නේ කොහොමද...?
දැන් ඔයා ඩවුන්ලෝඩ් කරගත්ත rom එක මෙමරි කාඩ් එකකට / USB එකකට දාගන්න...
ඊටපස්සේ TWRP Recovery එකට යන්න...
දැන් Format Data කරලා Swipe to Factory Reset කරන්න...
දැන් Back ගිහින් install එකට යන්න...
ඊටපස්සේ select storage කරලා ෆයිල් එක දාපු තැනට ගිහින් ඒක උඩ ක්ලික් කරන්න...
දැන් install කරන්න...
ඔයාට ෆෝන් එක රූට් කරන්න ඕනේ නම් back ගිහින් Magisk Manager / SuperSU මේ වගේම install කරගන්න (Wipe එකට යන්න එපා...නිකං install කරන්න මේ කලා වගේ)...
එහෙම ඕනේ නැත්තම් Reboot System කරන්න...
දැන් ඔයාගේ ෆෝන් එක අලුත් ෆෝන් එකක් වගේ වෙනස්ම විදියකට On වෙයි...
දැන් වැඩේ ඉවරයි...

Thank you Kombuwa
ReplyDelete